කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ කාමරයක නවාතැන් ගෙන සිටින සරසවි සිසුවියකගේ රුපියල් ලක්ෂයකට අධික මුදලක් වටිනා පරිගණකයක් සොරකම් කළ එම කාමරයේම නැවතී සිටින තවත් සරසවී සිසුවියක් කිරිබත්ගොඩ පොලීසිය මගින් පෙරේදා (12දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
22 හැවිරිදි තැනැත්තියක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.ඒ සමගම සැකකාර සරසවි සිසුවිය විසින් සොරකම් කරන ලද එම පරිගණකය කුරුණෑගල ප්‍රදේශයට විකුණා තිබි සොයා ගැනිණි.
ඉකුත් පෙබරවාරි මස (22දා) එම නේවාසිකාගාර කාමරයේ කිසිවෙකු නැති අවස්ථාවක එම පරිගණකය නැති වී තිබෙන බවට එය අයිතිකාර සරසවි සිසුවිය පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ඇය සමග සැකකාර සරසවි සිසුවිය ද පොලීසියට පැමිණ තිබෙන අතර පසුව එය සොයා ගැනීමට සැකකාර සරසවි සිසුවිය පොලීසියට සහාය වී තිබෙන බවද කියති.
මේ අතර එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි මහතා වීසින් සැකකාර සරසවි සිසුවිගේ ජංගම දුරකථනයේ දත්ත වාර්තාවක් ලබාගෙන සිදු කළ විමර්ශනයකදී ඇය විසින් පරිගණකය සොරකම් කර තිබෙන බවට අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. කිරිබත්ගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.
මල්වාන ඩබ්ලිව්.ඩී. එම් විතානගේ
0 Comments