
පසුගිය වසරේ අගොස්තු සැප්තැම්බර් කාලයේ ජනප්‍රියවූ ගායක කුමාර ඒකනායකගේ මුනින්ද්‍රයානණී ගීතය ගායනා කර තිබුනේ ආන්දෝලනාත්මක සිරි සමන්ත භද්‍ර හිමියන් වෙනුවෙනි.
මෙම ගීතය ඒ කාලයේ විවිධ විවේචනයන්ටද බඳුන් විය.
හිත ඉල්ලන තරු නමැති ස්වර්ණවාහිනී වැඩසටහනට ඊයේ (4) කුමාර ඒකනායක පැමිණ මෙම ගීතය ගායනා කළත් එහි වචන හළා තිබුණි. හැලූ වචන අතර ‘මුනින්ද්‍රයාණනි‘, ‘සිරි සමන්ත භද්‍ර‘ යන වචන තිබුණි.
එයට හේතු සඳහන් කරේ නැති නමුත් එම ගීතය රස විඳීමේදී මෙම වචන අඩුව පැහැදිලි ලෙස කැපී පෙනිණි.
මෙම ගීතය ජනප්‍රිය වූ කාලයේ කුමාර මෙසේ කියා තිබුණි.
" මීට අවුරුදු හතකට කලින් සමන්තභද්‍ර හිමියන් වැඩියා මෙල්බර්න් නුවර අපේ හිතවතෙකුගෙ ගෙදරට.උදේ හවස අපි දානෙ අරගෙන යනවා.කතාබහ කරන්න අවස්ථාව ලැබුණා.හවස දේශන තිබුණා.එක දවසක් ඒවා අහලා ඇවිල්ලා මට සිංදුවක් ලියැවුණා.හැබැයි ඒ මේ සිංදුව නෙමේ.
ඒ සින්දුව ලියවුණේ දේශන ඇසුරෙන්. දවසක් මං හීල් දානය අරන් ගිහිල්ලා හාමුදුරුවන්ට කිව්වා මගේ අතින් සිංදුවක් ලියැවුණා කියලා.ඊට පස්සේ හාමුදුරුවො කිව්වා ඊළඟ දවසේ දේශනයට කලින් මේක කියන්න කියලා.ඒ විදියට මම සිංදු කිහිපයක්ම කිව්වා.ඒවත් එක්ක ලියැවුණු ගීතයක් තමයි මුනින්ද්‍රයාණනි ගීතය."
සංස්කරණය කර ගායනා කළ ගීතය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval