mahinda-deshapriya-speaks

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කොට ඇති නව පනත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැණි බවත්, මේ ක්‍රමය යටතේ සැබෑ ජනතා මතය විකෘති වන බවත් හිටපු මැතිවරණ කොමසාරිස් හා මැතිවරණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. අම්බලන්ගොඩ පෝරඹ නිවෙසේ පෙරේදා (20දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙවැනි පනතක් ආ සැණින් ශ්‍රේෂ්ඨාධිකරණයේ එය අභියෝගයට ලක් කළ යුතු බවත්, පෞද්ගලිකව තමාත් එයට අභියෝග කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.මෙම මාධ්‍ය හමුවේදී මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.


“පාර්ලිමේන්තු මැතිවරණය ලබන වර්ෂයේ පවත්වන්න නියමිතව තියෙනවා.

සමහර විට ඊට කලින් එන්නත් පුළුවන්. එවැනි මොහොතක මෙවැනි යෝජනාවක් ගෙනාවම ඕනෑම කෙනෙකුට සැකයක් මතු වෙනවා, ඡන්දය විමසීම කල් දාන්න කළ උප්පරවැට්ටියක්ද කියලා.නමුත් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් මෙවැනි යෝජනාවක් එනවා නම් අනිවාර්යෙන්ම එන්න ඕනේ යම් විදියකින් සීමා නීර්ණය හා අනිකුත් වැඩකටයුතු අවසන් කරලා.

නැත්නම් නියමිත දිනයේ ලබන වර්ෂයේ 2025 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තු නිල කාලය අනිවාර්යෙන් අවසන් වන්නේ යන කොන්දේසිය නැතුව මෙහෙම පනතක් දාන්න හම්බවෙන්නේ නෑ ඒක නීති විරෝධී යි. මේ ඡන්ද විමසීම කල් දාන්න මේක ගේනවා කියනවාට වඩා මේකෙ වෙනත් භයානක පැත්තක් තියෙනවා. මේකේ ඉන්න එකසිය හැටයි හැට පහයි කියන කොට අනුපාතය එන්නේ පහට දෙකයි.අපේ පළාත් පාලනේ ආවේ තුනට දෙකයි. හැටට හතළිහයි. පළාත් සභා යෝජනා වුණේ එකට එකයි. පනහට පනහ. ඊට කලින් 2012 යෝජනා හතට තුනයි. හතට තුනයි කියන කොටත් ඒ තුන දෙන්නෙ පරාජිතයන්ගේ ඡන්දවලට විතරයි. මේ පහට දෙක දෙන්න හදනකොට දෙන්න හදන්නේ මේක ද්වි පක්ෂ ක්‍රමයක් පමණක් ඇති කරගෙන විකල්ප මතවාදය යටපත් කිර්මට.

සංඛ්‍යාත්මක සුළුතරය එහෙම නැත්නම් විව්සිර් තියෙන ජන කොටස්වල නියෝජනය නැතිකිරීමට, යම් විදියකින් මේ ක්‍රමය තිබුණා නම් 160යි 65යි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එකම ආසනයක්වත් එන්නේ නැහැ. ඔය ආපු එක ආසනයත් නැහැ එහෙනම්,ඒ වගේ 1989 එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් නැවත ලැබෙනවා මේ ක්‍රමය තිබුණා නම්, මොකද ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිනුවේ ආසන හතරයි. එකසිය හැටෙන්ම ආසන හතරයි. ඒක නිසා මේ ක්‍රමයෙන් කරන්නේ සැබෑ ජන මතය විකෘති කිරීමක්.



මෙවැනි වෙනස් වීමක් කරන්න ඕනේ කැබිනට් එකත් පාර්ලිමේන්තුවත් විතරක් නෙවෙයි. ජනතාව වගේ උනන්දුවක් දක්වන අයගේත් සියලු දෙනාගේත් සාකච්ඡාවකින්.එහෙම නැතුව අමාත්‍යවරයෙකුට හිතුණ පමණින් තමන්ගෙ අදහසක් ගෙනැල්ලා ඒක කැබිනට් එකට දාලා කැබිනට් එක අනුමත කරලා පාර්ලිමේන්තුව අනුමත කිරීමෙන් පමණක් මේවා කරන්න බෑ, ජනතාවගේ අදහස ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියයි. ආණ්ඩුවට ආණ්ඩුව පිහිටුවා ගැනීමේ ඡන්ද ක්‍රමය වෙනස් කිර්මට ඉඩ ලැබීම සදාචාරාත්මක නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී නැහැ.”

ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට අවශ්‍ය නම් මෙවැනි වෙනස්කම් පුළුල් සාකච්ඡාවලින් කිරීමට අවශ්‍යයි කියන එක අපේ අදහස. ඒ අදහස ලංකා මැතිවරණ වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති හැටියටත් හිටපු මැතිවරණ කොමසාරිස් හැටියටත් ඡන්දය ඔබේ බලයයි කියන මේ පෝස්ටරේ පිටුපසින් තියාගෙන කියන්න මම කැමතියි.මේ පනත පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්නේ. මෙය සම්මත කරන්න ඡන්ද 150ක් ඕනේ. ඡන්ද එකසිය පනහ ආවත් ඔය පනතට වගන්තියක් නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය එන විට නව ව්‍යවස්ථාවක් එන්න ඕනේ. යම් ආකාරයකින් මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ ක්‍රමවේදය 2025 ජුනි මාසයේ වන විට අවසන් කිරීමට නොහැකි වුවහොත් මෙතෙක් පැවති ක්‍රමයට පාර්ලිමේන්තුව මැතිවරණය පවත්වනු ලබන්නේ යන වගන්තිය ව්‍යවස්ථාව නැතුව මේක සම්මත කරන්න බැහැ කියලා.

මේ පනත ආව ගමන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝගය කරන්න ඕනේ. මමත් පෞද්ගලිකව ඒකට අභියෝග කරනවා. මේ යෝජනාව අතරේ ඡන්දය කදැමීමට යන බයට වඩා අපි බිය වෙන්න ඕන කරුණ තමයි ජනතාවගේ..(ඉංග්‍රීසි බසින්) ඊච් බෝඩ් හෑස් සේම් වැලිවු කියන එක නැති වෙනවා. මේ යෝජනාවෙන් පහට දෙක අනුපාතය මිශ්‍ර සමානුපාතයට ගේනවා. කියන්නේ සෑම ඡන්දයකට වටිනාකමක් තිබේ යන්න නැති වෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයට  සම්පූර්ණයෙන් විරුද්ධයි. යනුවෙන්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


 කමල් ශ්‍රී ලියනගේ