කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21) පැවැත්වුණි.
මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී දින තුනක් පුරා පැවැති විවාදයෙන් පසු පැවැත්වූ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 42 කින් එම විශ්වාසභංග යෝජනාව පරාජයට පත් විය.
විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 117 ක් හිමි විය.
ඒ අනුව දිගටම තනතුරේ සිටීමට ඔහුට අවස්ථාව උදාවේ.
කතානායකවරයා සම්බන්ධයෙන් විශ්වාසභංග විවාදයේදී සම්මත කර ගැනීමේදී කතානායකවරයාගේ පක්ෂග්රාහී ක්‍රියාකලාපයට අමතරව හෙළිදරව් වූ ඇතැම් තොරතුරු හේතුවෙන් තවදුරටත් කතානායකවරයාට එම තනතුරේ රැදී සිටිම සදාචාර විරෝධී බව විපක්ෂය පවසයි.
විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේදී පොලිස්පතිවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ හැසිරීම සහ කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වනවිට සභාගත වී ඇති බැවින් කතානායකවරයා විධායකයේ අතකොළුවක් බවට පත්ව ඇති ආකාරය රටට අනාවරණය වූ බව විපක්ෂයේ මතයවී තිබේ.
පවුලේ ඥාතීන්ට තනතුරු ලබා ගෙන ඇති ආකාරය පිළිබදව අනුර දිසානායක මහතා විසින් විශේෂ හෙළිදරව්වක්ද කළේය.
කතානායකවරයා විශ්වාසභංග යෝජනාව අවසානයේදී පැය භාගයක කතාවක් සිදුකීරීමට අවස්ථාව ඉල්ලා සිටියේ මේවාට පිළිතුරු දෙන්නටය.
0 Comments