malwathuhiripitiya-thera-murder-death

ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු මියගොස් ඇත.



ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පසුගිය ජනවාරි 23 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන මෙම පුද්ගලයාව මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.

සැකකටයුතු පුද්ගලයෙකු ප්‍රදේශයේ සිටින බවට හම්බෙගමුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගම්පහ මල්වතු  හිරිපිටිය කහටාන ගණාරාම මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කලපලුවාවේ ධම්මරතන  හිමියන් සිව් දෙනෙක් විසින් ඝාතනය කර තිබුනේ තමන්  සීඅයිඩි නිලධාරීන් ලෙස පෙනි සිටිමිනි.

යන්ත්‍ර , මන්ත්‍ර සහ ජොතිෂ්‍ය කටයුතු සඳහා සුප්‍රසිද්ධ වූ උන්වහන්සේ මීට පෙර වැඩසිටියේ දුෂ්කර
ප්‍රදේශයක පිහිටි කෙසෙල්කන්ද කුසුම් සදහම් සෙවණ විහාරස්ථානයේය.



තමන් සී.අයි.ඩී නිලධාරීන් ලෙස හඳුන්වා ගත් ඝාතකයින් පන්සල තුළට පැමිණ ජ්‍යොතිෂය කටයුතු කරන
හාමුදුරුවන් කවරෙක්දැයි විමසා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරීන් යැයි පැවසූ විට හිමිනම තමන් හඳුන්වා දිමත් සමග
 උන්වහනසේට  වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.

ඝාතකයින් සිව් දෙනෙක් උන්වහන්සේ ඝාතනය සඳහා පන්සලට ඇතුළු වී ඇත. වෙඩි ප්‍රහාර
උන්වහන්සේගේ වම් අතට සහ පපු ප්‍රදේශයට වැදී තිබුණු අතර ඉන් තුවාල ලැබූ හිමි නම කඩිනමින් ගම්පහ
දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරනවිටත් මිය ගොස් තිබුණි.