mirissa-incident

ඊයේ පෙරවරුවේදී මිරිස්ස නගරයේ සංචාරක වෙළෙඳුන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් එක් සංචාරක වෙළෙන්දෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි වැලිගම පොලිසිය පවසයි.



සංචාරක වෙරළ තීරයේ තාවකාලික වෙළෙඳාම් කරන ස්ථානයක ගසක් කැපීම සම්බන්ධයෙන් මෙම ආරවුල ඇතිව ඇති බවට මේ වන විට පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය කර ගෙන තිබේ.



බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ, මිරිස්ස, පෙම් උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියට සැකපිට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකරුවෙක් සහ සැකකාරියන් තිදෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

සැකකරු උල්හවත්ත දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර සැකකාරියන් වයස අවුරුදු 18,40 සහ 55 යන වයස්වල පසුවන මිරිස්ස සහ අහංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

ගසක් කැපීම හේතුවෙන් හටගත් ආරවුලක් දුරදිගයාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙලෙස පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කරුණු හෙලිව ඇත.

එහිදී මියගොස් තිබුණේ "මාකඳුරේ මදූෂ්ගේ" ගෝලයකු බව පැවසෙන "සන්ශයින් සුද්දාගේ" සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.