
ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 13 දෙනකු පත්වුවත්, ඒ අතරින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, නාලක ගොඩහේවා සහ ලසන්ත අලගියවන්න යන මහත්වරු මේ වන විට වෙනත් දේශපාලන මතවාද සමග කටයුතු කරති.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදුලිබල රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා විසින් මෙම හමුව සංවිධාන කර තිබිණි.
මෙම රැස්වීමට සහභාගි වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ජානක තිස්ස කුට්ටිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනකු පමණි.
මෙම රැස්වීමට දිවුලපිටිය මෙන්ම දිස්ත්‍රික්කය පුරා විසුරුණු පිරිස් ද පැමිණ සිටිනු දැකගත හැකි විය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක සහ නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසීමේදී දැනගන්නට ලැබුණේ, දිවයින පුරා ක්‍රියාත්මකව පවතින සංවර්ධන ව්‍යාපෟතිවලට අදාළව ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකට සම්බන්ධව සිටි බවයි.
පුෂ්පකුමාර මල්ලවආරච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval