nanda-malini-daughter-ama-sarada-speaks

ඇය නමින් අමා සාරදායි.ඇය ප්‍රවීණ ගායිකා නන්දා මාලනියගේ බාල දියණියයි.
පසුගියදා ලක්හඩ නාලිකාවේ වැඩසටහනකට පැමිණ නන්දා මාලනිය ගැන ඇය සිදු කළ අපූරු කතාබහක සාරාංශයයි මේ...

සාරදාගෙන් අසන්නට සිත්වූ ප්‍රශ්න බොහොමයක් තිබුනත් අපට අසන්නට සිත් වූ පළමු ප්‍රශ්නය වුනේ මුළු රටක් හදුනන තම මව තුලින් කලා  ලෝකයට එන්නට  මෙතරම් අවස්ථා තිබිලත් ඇය කලා ක්ෂේත්‍රයට නොපැමිණියේ ඇයි යන්නයි.
ඒ ප්‍රශ්නය අහන විටත් මාලනිය ලෙසින්ම ඉතා සරළ ඇදුමකින් සැරසී  සිටින සාරදාගේ මුවග සිනහවනම් අඩුවක් නැත.ස්වල්ප වෙලාවකින් කටහඩ  අවදි කල සාරදා ඇසූ ප්‍රශ්නයට උත්තර දුන්නේ සවිස්තරාත්මකවය.
ඇය මුලින්ම කියා සිටියේ එවැනි මවකට දාව ඉපදීම විශාල වාසනාවක් බවය.ඒ වගේම ඇයගේ මතකයට අනුව ඇගේ මව ජිවිතයේ කිසිම අවස්ථාවක කිසිම විදියක බලපෑමක් ඔවුනගේ ජිවිත වලට සිදු කර නැත.සරලව කිවතොත් ඔවුන්  තොරගතයුතු විෂය ධාරාවන් මොනවද?ඔවුන් කවුරුන විය යුතුද යන සාම්ප්‍රධායික දෙමාපිය භූමිකා මගපෙන්වීම් මාලනිය නම්  ගෙන ගොස් නැත.
ඉතින් ඔවුන් කුඩා කල සිට ඔවුනට කැමති ක්ෂේත්‍රවල සැරිසැරීමට නිවසින් අවස්ථාව ලැබී ඇත.විශේෂයෙන් මාලනියගේ කලා ලොව මිතුරන්,විද්වතු,රසවතුන් එවකට නිවසට ඒම සහ හදුනාගෙන අල්ලාප සල්ලාපයේ යෙදීමට සාරදාලටනම් කුඩා කල සිට අවස්ථාව උදාවී ඇත.
එසේ පැමිණෙන පිළිගත් චරිත ආමන්ත්‍රණයට මාමා-නැන්දා යන නම් දීමට තරම් ඔවුනට අවස්තාව හිමි වුයේ තම මවගේ වටිනාකම නිසාය.

එනිසාමදෝ සාරදාටනම් සංගීතයෙහි ලොකු විශේෂත්වයක් නොදැනුන බව ඇය කියා සිටියාය.නමුත් ඇය සංගීතය විෂයක් ලෙස අපොස උසස්පෙළ දක්වා හදාරා ඇත.එයිනුදු නොනැවතී ඇය  සෞන්දර්ය විශ්ව විද්‍යාලයට පවා තේරී  වුවද ඉන් එහාට ගොස් නැත. තවද ඇය ඉන්දියානු භාත්  කණ්ඩයේ ඩිප්ලෝමාවක් පවා හදාරා ඇති අතර මේ සියල්ල මැදි කර ඇය කියා සිටින්නේ සංගීතය සහ රසවින්දනය යන්න දෙකක් බවය.

ඇයගෙන් ඊළගට විමසා සිටියේ අප කාටත් අවැසි ප්‍රේමය ගැනය.එයට සාරදා දුන් පිලිතුරද හරි අපුරුය.ය කිඅන ලෙසට ප්‍රේමය යනු සර්වකාලීන අපගේ අවශ්‍යතාවයකි.විශේෂයෙන් එය වයසින් මුහුකුරා යාමේදී තරුණ කාලයටත් වඩා හොදින් අවශ්‍යව දැනෙන බවය.
නැවතත් සාරදාගේ අවධානය වෙනස් කරමින් අපි ඇසුයේ කදුල ගැන සාරදාට දැනෙන හැගෙන දේ ගැනය.එහිදී තම මව සිහිපත් කෙරු සාරදා නන්දා මාලනිය කෙතරම් ජන ප්‍රසාදය දිනා ගත්තද ඇයට යාමට වූ කටුක,අදුරු මාවත් ගැන සිහිපත් කලාය.
තම මවට කුඩා කාලයේදී ආර්ථික දුෂ්කරතා පැවතුනද ආදරයේ අඩුවක් නොවූ බව ඇය  දන්නා මට්ටමින් සදහන් කල අතර නමුත් තරුණ වියේදී ඇගේ මව ආදරය වින්දාද යන්න ගැටළුවක් පවතින බව කියා සිටියාය.ඒ අනුව කදුල සහ ආදරය  සම්බන්ධව  ඉතා සමීප සබධතාවයක් ඇති බව ඇය කියා ඇත.“මගේ අම්මා ආදරය ලැබිය යුතු කෙනෙක්.හැබැයි ඇය ආදරය නිසා විඳෙව්වා. ඇගේ කඳුළු මම දැක්කෙ එක දවසක විතරයි. ඒ අමරදේවයන් මියගිය දවසේ. ඔළුවට පිස්තෝලෙ තියඩ්දිත් රට වෙනුවෙන් ගීත ගයපු කෙනෙක් මගේ අම්මා. ඇයගේ දියණියක් වෙච්ච එක මගේ ලොකු වාසනාවක්.“ නන්දා මාලිනියගේ දියණිය අමා සාරදා පැවසුවාය.

කතාව එසේ ගලා යද්දී අප  සිතට  නැගුනේ ලොවම එපාවී ලොවම කළකිරී දැවී දැවී ඉන්නා වේලේ... යන ගීතයය.

ඒ ගීතය අපි නන්දා මාලනියගේ හඩින්  අසන්නේ මිට අවුරුදු ගණනාවකට පෙරය.මේ ගැන සාරදාගෙන් අසන්නට සිත් වුයේ බාල මහලු තරුණ කවුරුත් පාහේ මේ ගීතයට තාමත් අසාවක් දක්වන නිසාවෙනි.
සුපුරුදු සිනා මුවින් මුව සරසා ගත් සාරදා කියා සිටින්නේ ගීතයේ දිසි අරුත ප්‍රේමය වූ නිසා එවැනි සංසිද්ධියක් බොහොම සුගමව ,දහස් සංඛ්‍යාත ශ්‍රාවකයන් අමන්දානන්දයේ ගිල්වමින් ගායනා කරන්නට  තරම් තම මව දක්ෂ වුයේ සමහරක්විට ඇයද  එවැනි අවස්ථාවකට මුහුණ දී සිටියා විය හැකි යැයි කියමිනි.
ගීතය තවත් අර්ථ විවරණය කරමින් ඇය කියා සිටියේ ප්‍රේමයට නොයෙකුත් වෙනයම් නිර්වචන සැපයුවද ප්‍රේම කරන්නාගේ එක වදනක් පමණක් වුව අනෙක් පාර්ශවයට  සැනහෙන්නට ප්‍රමාණවත් වන බවය.ඇය පවසන්නේ කායික බැදීමකට වඩා ප්‍රේමයේදී මානසික බැදීම ඉතා ප්‍රබල වන බවය.
විශේෂයෙන් අපි වැනි ආසියාතික රටවල් සබධතා පිලිබදව දකින්නේ විවිධ කෝණ වලින් වුවත් සමහරක් සබධතා තුල අපි නොදකින ගැබුරු සිදුවීම් තිබෙන්නට හැකි බව ඇය කියා සිටියාය.එසේම ඇය වැඩි දුරටත් කියා සිටියේ ප්‍රේමය නොමැතිව මනුස්ස ජිවිත ගොඩ නැගිය නොහැකි බවයි.

ඊළගට අප යොමු වුයේ ඇගේ පාසල් සමය වෙතයි.වෙන දරුවන්ගේ මව්පියන් දෙමාපිය රැස්වීම් වලට සහභාගී වීම  සමාන්‍යක් වුවත් සාරදාගේ මව නැතිනම්  ආචාර්ය නන්දා මාලනියගේ පැමිණිම දරුවෙක් ලෙසින්  ඇයට විශේෂයක් වන්නට ඇත්දැයි අපි විමසා සිටිමු..
සාරාදා ඊටද ලබා දුන්නේ හරි අපුරු පිළිතුරකි.
අක්කා සමග සාරදා ගොස් ඇත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයටය.එවකටද අම්මා තාත්තා සමග බොහොමයක් අඩ  දබර තිබු බව ඇය  සිහිපත් කලාය.
ඇය කියා සිටින්නේ ඇගේ මවත් පියත් දෙදෙනාම වූයේ තම මව පමණක්ම  බවය.ඉන් පසු ඇය සදහන් කරන ලෙසට කුඩා කලදී නන්දා මාලනියගේ දුව වීම කරදරයක් බව ඇයට සිතෙන්නට පටන් ගන්නේ තම මව  පාසලට එන සෑම වෙලාවකම තැනින් තැන නැවතී ගුරුවරුන්,දෙමාපියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන විටය.නමුත් ලොකු දරුවන් වීමේදී එය ලොකු ගෞරවයක් ලෙස දැනුන වග ඇය සදහන් කලාය.

නැවතත් අපි කතාව නවම් මාවතකට යොමු කරමින් සාරාදගෙන් අසා සිටියේ තම මවගේ ගුරුවරුන් පිදීම ගැනය.එහිදී සාරදා  කියා සිටියේ තම මව කොතරම් කටුක කාලයක් ගත කලද කිසිකලෙක ඇය ඇද වැටි සිටිනු දැක නැති බවත් එය ඇයටම ප්‍රශ්නයක් වූ බවත් ය.එහිදී මතකය අවදි කරමින් ඇය කියා සිටියේ ඇය හැඩූ එක දිනයක්  වෙත්නම් එය අමරදේව ශුරිගේ වියෝව වූ දිනය බවය.සැබවින්ම අමරදේව ශුරින් යනු නන්දාමාලනිය යන ගැහැණිය ගොඩ නැගු ගුරුවරයෙක් බව ඇය කියා සිටින්නේ ඉතාමත් නිහතමානිවය.
එසේම ඇය කියා සිටින්නේ අදටත් අමරදේව ශුරින් රුපවාහිනියක දක්කත්,ගීතයක් ඇසුනත් තම මවගේ මුහුණින් එම ගෞරවය නික්මෙන බවය.



ඊළගට අප සාරදා සමග කතා කලේ නන්දා මාලනිය නමැති විප්ලවවාදිනිය ගැනය.ඇයගේ ගී පොත පුරාවට අයුක්තියට,අසාධාරණයට විරුද්ධව හඩ  නැගූ ගීත බොහොමයක් පිළිබද කතිකාවත ආරම්භ කරමින් කථාවට මුල පිරුවේ ඇය නිවසේ සංගීතය පිලිබදව කතා කරනේදැයි අසමින් ය.
සාරදා එහිදිනම් කියා සිටියේ නිවසේ බොහොමයක් වෙලාවට සංගීතය පිලිබදව කතා නොකර බවයි.තම මව සෑම විටම වෘත්තීය ජීවිතය හා පවුල වෙන් වෙන් වශයෙන් තියාගත් තැනැත්තියක් බව ඇය සදහන් කලාය .

"පවන" සිහිපත් කිරීමේදී ,ආචාර්ය නන්දා මාලනිය යනු හිසට තුවක්කුව යොමු කර සිටිද්දීත් ගීත කලාව නොනැවතු අපුරු කලාකාරියකි.මේ පිලිබදව ඇයගේ දුව වූ සාරදාගෙන්ම ඇසීමට අපට සිතුනේ ඇගේ මව පිලිබදව ඇයට වඩා දත් කෙනෙක් නොදත් නිසාය .

ඒ පිලිබදව ඇය කියා සිටියේ තම මව සමග මව හා සමානවම ඇයත්,අක්කත් මෙම ප්‍රශ්න වලට ගොදුරු වුන බවයි.ඇයට ඒ පිලිබදව එකල ලොකු දැනුමක් නොමැති වුනත් තම මවට ලංකාවේ සිටීමට නොහැකිවීම,නොයෙකුත් තර්ජනයන්ට ලක්වන්නට කුඩා දරුවන් වූ සාරදා සහ ඇගේ අක්කාට සිදුවීම අතිශය පීඩනකාරී වටපිටාවක් සැකසු බව ඇය සිහිපත් කරයි.නමුත් ඇගේ මව වෙනුවෙන් එවැනි කැපකිරීම් සිදුකල ආකාරය පිළිබද අද විශාල සතුටක් ඇති  බව ඇය සදහන් කරන්නේ සුපුරුදු සිනා මුවින් මුව සරසාගෙනය.එසේම එම දුෂ්කර අවස්තාවලදී නොයෙකුත් අයුරින් උදව් කල නෑදෑ ,හිතමිතුරු,ගුරුවරු සියල්ලක්ම සිහිපත් කිරීමටද සාරදා අමතක නොකලාය.