පසුගිය කාලයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ පිහිටුවීම සම්බන්ධ ආන්දෝලනාත්මක තත්ව පැනනැගුනේ ප්‍රමිතියෙන් තොරව මුදල් අරමුණු කර අඩු සුදුසුකම් සහිත අයව බඳවා ගනිමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹන්නට දැරූ ප්රයත්න නිසාය.
නමුත් මේ වනවිට රජය මේ සම්බන්ධ විධිමත් සැලැසුමක් ඇතිව ප්‍රමිතිගත වෛද්‍ය පීඨ ඇරඹීමටත් එමගින් විදෙස්වලට යන වියදම් ඉතිරිකිරීමට මෙන්ම
ශ්‍රී ලංකාවට ආදායම් ලබාගැනීමට අවස්ථා මතුකර තිබේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ පිහිටුවීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල තුනක් මේ වනවිට අයදුම් කරන මට්ටමේ ඉදිරියෙන් සිටි අතර ඉන් NSBM සම්බන්ධ තීරණය කැබිනට් තීරණයක් අනුව අනුමත විය. ඒ අනුව ඉදිරියේ හෝමාගම රෝහලේ පුහුණුවද සමග
NSBM වෛද්‍ය පීඨය අරඹන්නටත් වසරකට 500 ක් පමණ වෛද්‍යවරුන් බිහිකිරීමටත් යෝජිතය.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ පිහිටුවීම සඳහා ඊළඟට අනුමැතිය ගන්නා පෞද්ගලික විශ්වවිද්‍යාල දෙක අධ්‍යාපන අමාත්‍යාංශ දත්ත අනුව Lyceum සහ SLIIT ය.
දැනටමත් උසස් අධ්‍යාපන ක්ෂෙත්ර යේ විවිධ පාඨමාලා පවත්වා යන මෙම කීර්තිමත් ආයතන ඊළග වෛද්‍ය පීඨ සදහා පොරොත්තු ලේඛනයේ සිටින අතර
අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයට අනුව Lyceum සහ SLIIT අයදුම්පත් අනුමත වීමට නියමිතය
Lyceum අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මූලික එකඟතාවකට පැමිණ ඇති අතර ඉතා ඉක්මනින් එයද පිහිටවන්නට අවසර ලැබෙනු ඇති බව පවසා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය ෙඅයදුම්පත් ඇගයීමට ලක් කර ඉදිරියේදී SLIIT වෛද්‍ය පීඨයද පිහිටුවනු ඇත.
0 Comments