හෝමාගම, පිටිපන පිහිටි NSBM හරිත විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ විරෝධතාවක් ඊයේ (19) දින හරිත විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණි.
එම හරිත විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි සිසුන් සඳහා හෝමාගම මූලික රෝහලෙහි සායනික පුහුණුව ලබා දීමට කටයුතු කිරීම මගින් තම අයිතිවාසිකම් කඩවන බව ද පවසමින් එම විරෝධතාව සිදු කෙරිණි.
“ප්‍රමිතිගත සායනික පුහුණුව සුරකිමු” NSBM වෙනුවෙන් ජපුර බිල්ලට නොදෙමු, උපාධි කඩවලට ඉඩ නොදෙමු” යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් එම විරෝධතාව පැවැත්විණි.
මෙම විරෝධතාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එම විශ්වවිද්‍යාල වෛද්‍ය ශිෂ්‍ය සංගමය ද තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමයට සහයෝගය පළ කරමින් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියහ.
පොලිස් කැරළි මර්දන ඒකකය, කඳුළු ගෑස් ප්‍රහාරක ඒකකය සහ ජල ප්‍රහාරක රථ ද සමගින් දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි.
බී.කේ. කත්‍රිආරච්චි
0 Comments