ඇතැම් ප්‍රදේශවල ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල ඊයේ (10දා) දිනයේදී රුපියල් 600- 650 අතර මිලක් ගෙන තිබූ අතර, පසුගිය සතියේදී ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 360- රුපියල් 450 අතර මිලක් ලෙස පැවතිණ.
ඊයේ (10දා) වන විට ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 500- රුපියල් 550 අතර මිලක පැවැති අතර, පසුගිය සතියේදී ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 300- රුපියල් 350 අතර මිලක් ගත් බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ පොළ සමිතිය සඳහන් කරයි.
මෙසේ එකවරම ලොකු ලූනු තොග මිල රුපියල් දෙසීයකින් පමණ ඉහළ ගොස් තිබෙන බවත්, දේශීය ලොකු ලූනු වෙළෙඳ පොළට පැමිණීම මේ වනවිට විශාල ලෙස අඩු වී තිබෙන බවත් මේ අනුව ආනයනික ලොකු ලුනු මිල ක්ෂණිකව ඉහළ ගොස් තිබෙන බවත්
එම සංගමයේ ජාතික සංවිධායක එච්. එම්. උපසේන මහතා අද කළ විමසීමකදී සඳහන් කළේය.
ලොකු ලූනු මිල ඉහළ යාමක් සිදුවුවත් ගෝවා, මාළු මිරිස්, අමු මිරිස්, තක්කාලි හැර අනෙකුත් සියලුම එළවළු කිලෝවක තොග මිල රුපියල් දෙසීයක් හෝ ඒ ආසන්න මිලක පවතින බවත් මාළු මිරිස්, අමුමිරිස්, තක්කාලි හා ගෝවා කිලෝවක තොග මිල රුපියල් තුන්සියයත් රුපියල් හාරසියයත් අතර මිලක පවතින බවත් හෙතෙම පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ
0 Comments