ottawa-mar-7-gofund-me

බදාදා අග භාගයේ මවක සහ ඇගේ දරුවන් හතර දෙනෙකු ඇතුළු හය දෙනෙකු සමූහ වශයෙන් ඝාතනය කිරීමේ වින්දිතයින්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා කැනඩාවේ බෞද්ධ සම්මේලනය සිකුරාදා දියත් කරන ලද මාර්ගගත Go fund me අරමුදල් රැස් කිරීමේ වැඩසටහනේ අරමුණ වූයේ ඩොලර් 200,000 රැස්කරලීමයි.


ඉරිදා දහවල් වන විට අරමුදල  ඩොලර් 130000 ඉක්මවා ඇති අතර එය ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 3 ක් පමණ අගයකි.
මෙම අරමුදලට කැනඩාවේ ශ්‍රී ලාංකිකයින්ද විශාල වශයෙන් මුදල් ලබාදී ඇති අතර ඩොලර් 25 සිට 1000 තෙක් අගයන්ගෙන් 1500 කට වැඩි පිරිසක් මුදල් බැරකර ඇත.

විපතට පත් වූවන්ගේ පවුල් සඳහා මූල්‍ය ආධාර ප්‍රාදේශීය බෞද්ධ විහාරස්ථානය (කැනඩාවේ බෞද්ධ සම්මේලනය, 1481 Heron Rd., Ottawa, ON K1V 6A6) හරහා සම්බන්ධීකරණය කරනු ලැබේ.

අරමුදල් රැස්කිරීමේ දැන්වීම පවසන්නේ, මරණ පරීක්ෂණ අවසන් කර වින්දිතයින්ගේ සිරුරු නිදහස් කළ පසු, "අවමංගල්‍ය කටයුතු සිදු කරන බවත් එහි තොරතුරු එහි යාවත්කාලීන කරන බවත්ය."

අරමුදලට අදාළ යොමුව
https://www.gofundme.com/f/an-unthinkable-tragedy-at-ottawa-mar-7