පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙන ලෙජන්ට් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන
ඉන්දීය ජාතික කළමනාකාරවරයකුට සහ ඔහුගේ සහායකවරයකුට රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (15) තහනම් නියෝගයක් නිකුත් කළේය.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් අනතුරුව මාසයක කාලයක් සඳහා ඔවුන්ට රටින් පිටවීම වළකාලමින් මහේස්ත්‍රාත්වරයා එම තහනම් නියෝගය නිකුත් කළේය.
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා මෙන්ම ලෙජන්ට කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් සඳහා ක්‍රීඩා කරන උපුල් තරංග වරුෂවිතාන සහ නවසීලන්ත ක්‍රීඩක නේල් ව්රෂවර් බෲට් විසින් ක්‍රීඩා වලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිලි වලට අනුව කළ විමර්ශන වලින් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට එලෙස රටින් පිටව යෑම තහනම් කළේය.
මෙලෙස රටින් පිටව යෑම තහනම් කරන ලද්දේ ඉන්දීය ජාතික කළමනාකාරවරයකු වන යෝනි පටෙල් ඔහුගේ සහ සහයවරයකු වන පැවලෝවියා ආකාශ් නමැත්තන්ටය.
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති. ලෙජන්ට ක්‍රීඩක උපුල් තරංග වරුෂ විතාන සහ නවසීලන්ත ක්‍රීඩක නේල් ට්රෂවර් බාබට් කරන ලද පැමිණිලි අනුව ආරම්භ කළ විමර්ශනයේ
ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ ක්‍රීඩා වලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු ලෙජන්ට් කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ත්රීඩාංගණයේ පැවැත්වෙන බවත් මෙම තරගාවලියේදී ක්‍රිකට් කණ්ඩායම් 07 ක් තරග වදින බවත් අවසන් මහා තරගය ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත බවත් දැනුම් දුන්හ.
රාජස්ථාන් කිංස්, ඩෙල්හි ඩෙවිල්ස්, පන්ජාබ් රෝයල්, කැන්වී වොරියර්ස්. කළමබු ලයන්ස්, නිවේයාර්ක් ඩුබායි ජයන්ට්ස් යන කණ්ඩායම් 07 මෙම තරගාවලිය සඳහා ලීග් කණ්ඩායම් වශයෙන් තරග වඳින බවත් දැනුම් දුන් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු ජාබ් රෝයල් සහ කැන්ඩි කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට මෙම බලපෑ එල්ල වී ඇති බවත් දැනුම දුන්හ.
තරග පාවා දීමට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකයට මෙන්ම තරගාවලියේ සංවිධායකයන්ට ද ක්‍රීඩකයන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් මෙම තරග පාවා දීම්වලට සම්බන්ධව තවත් ක්‍රීඩකයන් සිටීද යන්න පිළිබඳව විමර්ශන කරන බවත් දැනුම් දුන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකයේ නිලධාරිහු පිළිබඳව
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද ( අයි සී සී) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද දැනුවත් කර ඇතැයි ද අධිකරණයට දැනුම් දුන්හ.
කළමනාකරුගේ සහායකවරයකු වන සැකකාර පවලාඩියා ආකාශ් නමැත්තා නවසීලන්ත ක්‍රීඩකයා ඔහුගේ කාමරයට කැඳවා තනි ඉලක්කමේ ලකුණක් ලබාගෙන ඉලක්කම් දෙකක පන්දුවකදී දැවී යන ලෙස යෝජනා කර ඇති බව මෙතෙක් කළ විමර්ශන වලදී අනාවරණයවී තිබේ.
සැකකරුවන්ට රටින් පිටව යාම තහනම් කර ඇත.
රෝෂන් තුෂාර
0 Comments