පානදුර දියමන්ති ජුබිලි විද්‍යාලයේ ගුරුවරියන් පිරිසක් පානය කළ තේ විසවීමෙන් හය දෙනකු ඊයේ (07) රෝහල්ගත කර ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.ගුරුවරියන් පිරිස ඊයේ විවේක කාලයේ තේ පානය කර ඇති අතර, එය විසවී ඇති බවට සැක කරන බව පොලිසිය කීය.අසනීප වූ ගුරුවරියන් හය දෙනකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර,
ඔවුන් ක්ලාන්තය, වමනය සහ හිස කැරකැවිල්ල යන රෝග ලක්ෂණවලින් පෙළෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පාසලේ විභාගයක් ඊයේ (7) පැවති ඇති අතර, ගුරුවරියන් පිරිස විවේක කාල සීමාවේ තේ පානය කර ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.සීනි දමා තිබූ බෝතලයට කිසියම් රසායනික ද්‍රව්‍යයක් හෝ බෙහෙත් පෙත්තක් මිශ්‍ර වී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව සීනි බෝතලය පොලිස් බාරයට ගෙන ඇති අතර, එය රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවද පොලිසිය පවසයි.පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක්ද පාසල වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
සුමිත් පොතුපිටිය
0 Comments