polgahawela-incident

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස ලෙස සිටිමින් නම අවභාවිත කර නොයෙකුත් කරුණු දක්වමින් ඊෂි කෑෂ් හරහා මුදල් ඉල්ලා සිටින ජාවාරමක් නගර බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහේෂ් අමාකර මහතා සඳහන් කරයි. පොල්ගහවෙල නගරයේ ඇති උත්සව සදහා ආහාරපාන සපයන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුට (03දා) ඉරිදා

උදෑසන මහජන පරීක්ෂකවරයා යැයි පවසමින් ලැබුණු දුරකථන ඇමතුමකින් පවසා ඇත්තේ එම ආයතනයේ වාර්ෂික වෙළෙඳ බලපත්‍රය නව වර්ෂයට අලුත් නොකිරීම හා පරිසර නීතිය යටතේ නඩුවක් ගොනු කර ඇති බවයි.දුරකථන මාර්ග ඔස්සේ ජාවාරම්කරු විසින් මේ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම ජාවාරම්කරු එම ස්ථානයේ හිමිකරුට රුපියල් දාහතර දාහක මුදලක් ගෙවන ලෙසට පවසා තිබේ.

පසු එම හිමිකරු ඔහුගේ පුතාට මුදල් ලබා දී සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට පිටත් කර යැවීමේදී එදින ඉරිදා දිනක් නිසා කාර්යාලය වසා ඇති බව ලැබුණු දුරකථන අංකයට ඇමතුමක් දී පැවසීමෙන් පසු එම ජාවාරම්කරු පවසා ඇත්තේ පොල්ගහවෙල නගරයේ ඇති සුපිරි වෙළද සැලට ගොස් රුපියල් දාහතර දහසක මුදල ඊසි කෑෂ් කරන ලෙසයි.ජාවාරම්කරුවන් එසේ පැවසීමෙන් අනතුරුව

එම මුදල ආයතන හිමිකරුගේ පුතා විසින්  ඊෂි කෑෂ්  මගින් මුදල් දැමීමට කටයුතු කර තිබේ.

පසුගිය කාලයේදී ද නගරයේ අවට ඇති ප්‍රසිද්ධ හෝටල් හා ආපනශාලාවලට මෙවැනි දුරකථන ඇමතුම් ලබා දුන් සිද්ධීන් කිහිපයක් වාර්තා වන බවත් මෙම වංචනිකව මුදල් ලබා ගත් සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් පොල්ගහවෙල පොලීසියට පැමිණිලි කර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා පැවසීය. මෙවැනි දුරකථන ඇමඇමතුම් ලැබුණහොත් 0714971815 - 0707961815 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහේෂ් අමාකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අලව්ව - අධිකාරි මුදියන්සේ