ජනතාව අවුරුදු 24 ක් එක දිගට තමා මැතිසබයට පත්කර එව්වා නම් වෙනත් තනතුරු දරනවා නම් කෝප් කමිටුවේ සභාපතිකම දැරීමට නොහැකි වන්නේ මන්දැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රශ්න කළේය.ඔය තරම් අවශ්‍යතාවක් තිබෙනවා නම් කෝප් කමිටුවේ සභාපති ධුරය බාර ගන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරන බවද හෙතෙම සඳහන් කළේය.කෝප් ඇතුළු පාර්ලිමේන්තුවේ කමිටුවල මුල් පුටුවලට පත් කිරීමේදී සුදුසුකම් පරික්ෂා කරන්නැයිතමා යෝජනා කරන බවත් ඒ සඳහා ස්ථාවර නියෝග වෙනස් කරන්නායි ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.
ඔහු මෙසේ පැවැසුවේ කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය. රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ ද පැවැසීය.එහෙම ස්ථාවර නියෝග වෙනස් කරල අධ්‍යාපන සුදුසුකම, ජාතිය, කුලය, උස, මහත මේ සියල්ලම හොයන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුණාට වැඩක් වෙන්නේ නැත කියලා පැහැදිලිවම කියන්න. මන්ත්‍රීවරයකු වෙලා බැහැ මෙන්න මේ සුදුසුකම් සපුරන්න ඕනෑ කියලා කියන්න.
කෝප් සභාපතිකමට එන්න ඕන විපක්ෂය කැමැති කෙනාද? මේකද වෙන්න ඕන? මම තේරී පත්වුණේ ඡන්දයෙන්. කමිටුවේ වැඩි දෙනා මට ඡන්දය දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණා. විපක්ෂය බලාපොරොත්තු වන හැම දෙයක්ම මෙතැන වෙන්නේ නැහැ. අද තිනේ මඩ දේශපාලනය යැයි ද කීය.
අංජුල මහික වීරරත්න
0 Comments