රුපියල් කෝටි 16,000කට අධික හිඟ බදු මුදල් මාස හයක කාලයක දී ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකළහොත් බැංකු ගිණුම් සහ දේපළ අත්පත්කර ගැනීමට සිදුවන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමාගම් 1000 කට ආසන්න ප්‍රමාණයකට දැනුම් දී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.පසුගිය වසර අවසන් වනවිට එම සමාගම් ගෙවීමට තිබූ හිග බදු මුදල් සම්බන්ධයෙන් මෙම දැනුම් දීම කළ බවත් ඒ සඳහා කාලය දීර්ඝ කිරිමක් ලබා නොදෙන බවත් කොමසාරිස් ජනරාල්වරිය පැවැසුවාය.
මෙම දැනුම්දීම සම්බන්ධයෙන් දැනටමත් ඇතැම් සමාගම් ප්‍රතිචාර දක්වා ඇති බවත් දේපළ අත්පත් කර ගනිමින් හිග බදු මුදල් අයකර ගැනීම සඳහා එම සමාගම් කැමැත්ත ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
ඒ අනුව එම සමාගම් ගෙවීමට ඇති හිග බදු මුදල් සාර්ථකව අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවන බව ද චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.බදු ගෙවීම පැහැර හැරි සමාගම් ගෙවීමට ඇති හිග බදු මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා එම සමාගම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව ද
කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළාය.මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත දේශීය ආදායම් පනතෙන් දී තිබෙන උපරිම බලය යටතේ හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය. හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා යටතේ 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව ද චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
දමිත් වික්‍රමසේකර
0 Comments