uddika-canada-visa-december

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා එලෙස ඉල්ලා අස්වෙන විටත් සිටියේ කැනඩාවට සංක්‍රමණයවී බවත් තමන්ගේ වාහනේට වෙඩි තැබීමක්ද සිදුවී තම ජීවිතයට අන්තරායක් ඇති බව කියමින්  කැනඩා වීසා අයදුම් කර දේශපාලන රැකවරණ යටතේ ඒවා ලැබී පසුගිය දෙසැම්බර් මාසයේ සිටම බිරිය සහ දරු දෙන්නා සමග කැනඩාවේ පදිංචියට  ගොස් සිටි බවද වාර්තාවේ
 බිරිඳ සහ දරු දෙදෙනා සමග කැනඩාවට ඔහු ගොස් ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 24 වැනිදා එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ. කේ. 651 දරන ගුවන් යානයෙන් ඩුබායි හරහාය.



කථානායකවරයාට පසුගිය සතියේ ලිපියක් යොමු කරමින් උද්දික ප්‍රේමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී අනුරාධපුරයේදී ඔහුට පසුගිය වසරේ අගෝස්තු මාසයේ දිනෙක මධ්‍යම රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වුවත් කිසිදු හානියක් සිදු නොවිණි. ඇතැමුන් සැක කලේ ඔහුගේම සැලසුමකට එය සිද්ධවී ඇති බවකි.
මන්ත්‍රීවරයා ඔහුගේ ආරක්ෂාවට දී තිබූ පොලිස් නිලධාරීන් නොමැතිව ඔහුට අයත් රථයෙන් පැමිණ අනුරාධපුරයේ පිහිටි සිය නිවස අසල නවත්වා එයින් ඉවතට යනවාත් සමගම වෙඩි ප්‍රහාරය වාර්තා විය.
උද්දික ප්‍රේමරත්න මහතා පසුගිය වසරේ ජනප්‍රියම නළුවාට හිමි සුමති හා රයිගම් සම්මාන ද්විත්ව යෙන්ම පිදුම් ලැබූ අතර ඔහුගේ රංගන කටයුතුද මේ සමග හමාර කර තිබේ.