ukraine-wifi-russia

Kyiv හිතවාදී සටන් පාඨයක් සමඟ තම wi-fi ජාලය නැවත නම් කළ සිසුවෙකුට මොස්කව්හි දින 10 ක සිරදඬුවමක් නියම කර ඇත.

එහි සදහන්ව ඇත්තේ "ස්ලාවා යුක්රේන්" නැතහොත් එහි තේරුම "යුක්රේන මහිමය" යන්නයි.

බ්‍රහස්පතින්දා "අන්තවාදී සංවිධානවල සංකේත" ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මොස්කව් අධිකරණයක් විසින් ඔහු වරදකරු බවට තීන්දු කර ඇත.

යුක්රේනයේ රුසියාවේ යුද්ධය ආරම්භයේ සිට, ආක්‍රමණය විවේචනය කිරීම හෝ යුක්රේනයට සහය දැක්වීම සම්බන්ධයෙන් දහස් ගණනකට සිර දඬුවම් හෝ දඩ නියම කර ඇත.



බදාදා උදෑසන මොස්කව්හිදී සිසුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිලධාරියෙකු විසින් ජාලයේ නම බලධාරීන්ට වාර්තා කිරීමෙන් පසුවය.

අධිකරණ ලේඛනවලට අනුව, නිලධාරීන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නවාතැන්පල තුළ ඔහුගේ කාමරය පරීක්ෂා කළ අතර, ඔහුගේ පුද්ගලික පරිගණකය සහ wi-fi රවුටරයක් සොයා ගෙන ඇත.

උසාවිය පවසා ඇත්තේ "ස්ලාවා යුක්රේනය" යන සටන් පාඨය ප්‍රවර්ධනය කිරීමට ඔහු ජාලය භාවිතා කර ඇති බවයි.

"ස්ලාවා යුක්රේනය" යුක්රේනයේ ආධාරකරුවන් සඳහා පෙළඹවීමක් බවට පත් වී ඇති අතර, එය 2022 පෙබරවාරි 24 වන දින දියත් කරන ලද රුසියාවේ  ආක්‍රමණයට එරෙහි විරෝධතා වලදී නිතිපතා ගායනා කර ඇත.



ශිෂ්‍යයා "නාසි සංකේතවාදය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම එසේත් නැතහොත් අන්තවාදී සංවිධානවල සංකේත ප්‍රදර්ශනය යන චෝදනා මත වරදකරු වී ඇත.

තවද  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ "නව-නාසි පාලන තන්ත්‍රයක්" ගැන නැවත නැවතත් පදනම් විරහිත ප්‍රකාශ කර ඇති අතර එය ඔහුගේ ආක්‍රමණය සාධාරණීකරණය කිරීමට යොදා ගෙන ඇත.

මෙම සිසුවා යුද්ධය පිළිබඳ අදහස් දැක්වීමේ දඩුවම් ලත් ලයිස්තුවේ නවතමයා වෙයි.

විශේෂයෙන්ම පසුගිය මාසයේ, ආක්ටික් කවයේ බන්ධනාගාරයකදී සැක කටයුතු ලෙස මිය ගිය විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සිහිපත් කිරීම සඳහා මල් තැබීම සඳහා සිය ගණනක් මිනිසුන් රඳවා තබා ගෙන ඇත.



ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව, පසුගිය වසරේ 21,000කට වැඩි පිරිසක් රුසියාවේ "මර්දන නීති" මගින් යුධ විරෝධී ක්‍රියාකාරීන් මර්දනය කර  ඇත.

මානව හිමිකම් කන්ඩායම පවසා ඇත්තේ මොවුන් "ගැඹුරු අසාධාරණ නඩු විභාග තුලින් සුළු විසම්මුතියකට ප්‍රතිචාරයක් ලෙස විවේචකයින් නිහඬ කිරීම සඳහා සිර දඬුවම් සහ විශාල දඩ මුදල් ගෙවීමට සිදු කරන බවයි.