රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලි සතිඅන්ත පුවත්පතකට ප්‍රවීණ නිළි රම්‍යා වනිගසේකර අභාවය ගැන මෙසේ අදහස් දක්වා තිබේ.
රම්‍යා වනිගසේකර සියල්ල හැරදා ගියා. මොකද පබාට හිතෙන්නේ ?
රම්‍යා අක්කා මගේම අම්මා හා සමානව ළඟින් හිටපු කෙනෙක්. විශේෂයෙන්ම පබා රූගත කිරීම් කරපු කාලවකවානුවේදී මම ගත්තු හැම තීරණයකට ම ඇය මට ලොකු රැකුලක් වුණා. ඒ කාලේ මට රම්‍යා අක්කා කියනවා එයාට ලොකු හැඟීමක් තියෙන්නේ එයාගේ දුවට කියලා. ඊට පස්සේ එහෙම ලොකු හැඟීමක් තියෙන්නේ මම ගැන කියලා. අක්කා අසනීපයෙන් හිටියා කාලයක්. රම්‍යා අක්කා මේ ආකාරයෙන් නිදහස්වීම ගැන සතුටුයි. මොකද රම්‍යා අක්කා විඳවන්නේ නැතිව මේ ගමන ගිය එක ගැන සතුටුයි.
රම්‍යා අක්කා කියන්නේ හරි ධෛර්යවන්ත කාන්තාවක්. පිරිමියෙක් හා සමාන හරි ධෛර්යවන්තයි. හිතට සමීප චරිතයක් අප හැර යෑම ගැන දුකයි.
පබා කියන්නේ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්. පබාගේ අම්මාගේ වියෝව පබාට දරාගන්න පුළුවන් ද?
කලාතුරකින් හරි කතා කරලා කොහොම ද අක්කේ කියලා හොයන්න බැරිවීම දුකක්.
මෑත කාලයේ ඔබට කතා කළා ද?
ඔව් කතා කළා. මොකද රම්‍යා අක්කාගේ මිණිපිරී මගේ දුව යන ඉස්කෝලයටමයි යන්නේ. මගේ දුවට වඩා අවුරුදු තුනක් හතරක් විතර වැඩිමල්. මම රම්‍යා අක්කාව මුණගැහෙන්න හිටියා. නමුත් යන්න හම්බවුණේ නැහැ. අක්කා පසුගිය කාලයේ ගොඩක් අසනීප වුණා. එයාව බලන්න ගිහිල්ලා කොහොමද මම ඒකට මුහුණදෙන්නේ කියලා ප්‍රශ්නයකුත් මගේ හිතේ තිබුණා. හැබැයි අක්කාගේ අසනීප තත්ත්වය මම ගොඩක් පහුවෙලා තමයි දැනගත්තේ. හැබැයි අක්කත් එක්ක දුරකථනයෙන් කථා කළා. ඕනෑම කෙනෙක් දුක්විඳිනවාට වඩා නිදහස් වෙනඑක හොඳයි කියන තැන මම ඉන්නවා. අපි මේ දකින දේට වඩා ලොකු බාහිර ලෝකයක් තියෙනවා.
‘පබා’ දර්ශනතලයට ගියොත් ?
රම්‍යා අක්කා තමයි මට සමීපතවම හිටියේ. මොකද මම කේෂ්ත්‍රයට අලුත්. අනික මගේ සිංහල උච්චාරණ ප්‍රශ්න තිබුණා. අක්කා තමයි මට හැමදාමත් උදව්වුණේ. රම්‍යා අක්කා හින්දමයි පබා කියන චරිතය ගොඩනැඟෙන්නේ. ඒ නාට්‍ය ඇතුළේ අනෙක් චරිතවලට වඩා අක්කා එක්ක තමයි මට ගොඩක් සුහදව ඉන්න හම්බවුණේ. ඒ හැමදේම එක්ක ඇය සුවිශේෂයි.
ඒ කාලේ උපේක්ෂාට රම්‍යා වනිගසේකර ගෙන් ලැබුණ සහයෝගය ?
කිසිම පැකිලීමකින් තොරව මට වැඩියෙන්ම සහයෝගය ලැබුණේ වගේම මගේ හෘද්යාංගය පුදකරන්න රම්‍යා වනිගසේකර මහත්මියටමයි. සිංහල ප්‍රශ්න තිබුණ හින්දා මගේ සමහර දර්ශන ගොඩක් කාලයක් අරගෙන රූගත කරන්න සිද්ධ වුණා. ඒකට ශාන්ත අයියාත් ගොඩක් මහන්සි වුණා. රම්‍යා අක්කා නොහිටියා නම් උපේක්ෂා ස්වර්ණමාලීට පබා වෙන්න බැහැයි කියන එක කිසිම පැකිලීමකින් තොරව මම කියනවා.
මොකද එයා තමයි ඒ පරිසරයේ හිටපු ගැහැනු ළමයෙක් මට පෙන්වලා එයාව අනුගමනය කරන්න කියලා කියලා දුන්නේ. මොකද අක්කාගේ තිබුණ අත්දැකීම් මාත් සමග බෙදා ගත්තා. ඒ දවස්වල මගේ අම්මත් ලංකාවේ හිටියෙ නැහැ. අම්මා මාත් එක්ක මුල් කාලයේ ඉඳලා ආපහු ක්වේට් ගියා. එතකොට මගේම පවුලේ කවුරුවත් මාත් එක්ක හිටියේ නැහැ. එතකොට ඒ අඩුව පිරෙව්වෙත් රම්‍යා වනිගසේකර අක්කා. ඇත්තටම කිව්වොත් මගේ සැබෑ ජීවිතයෙත් රම්‍යා අක්කා අම්මා වුණා. මගේ ඒ කාලේ විශේෂ මොහොතක දී කේෂ්ත්‍රයෙන් මට ආරාධනා කරන්නෙත් රම්‍යා අක්කාට විතරමයි මම ඒ කාලේ ‘පබා’ ජනප්‍රියම කාලේ.
ඒ කාලේ ජීවිතයේ ඇතිවුණ වෙනස්කම් ?
ඒ කාලේ මගේ ජීවිතයේ ගොඩක් දේවල් ළඟ ළඟ සිද්ධ වෙනවා. දේශපාලනය” විවාහය” පක්ෂ මාරු කිරීම් වගේ දේවල් පොඩි කාලයක් ඇතුළත ලොකු සුනාමියක් ඇවිත් ගියා වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා. රම්‍යා අක්කා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක්.
අතීත මතකයන් යළි අවදි වෙනවානේද?
මම අක්කා එක්ක බෙදාගත්තු සුන්දර මතකයන් අදටත් මතක් වෙනවා.
(දිනේෂ් විතාන -මීවිත)
0 Comments