vat-percentage-reduce

ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.



ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.



එම ප්‍රකාශයදී ජනාධිපතිවරයා කියා සිටියේ අර්බුධයෙන් මැදට පැන ගින්න නිවන්න කිසි කෙනෙකුට හැකි වුණේ නැතැයි ද තමා ගිනිගොඩ මැදට ගිහින් ගින්න නිවන්න පටන් ගත් බවයි.

අද රටම ඒ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳින බවද ජනාධිපතිවරයා කීය.

“ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙනෙන්නට තිබුණත් ඒක ජනතාවට පෙන්නේ නෑ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පටවලා කියලාත් චෝදනා කරනවා. විදුලි බිල, ඉන්ධන ගාස්තු ඕනවාට වඩා ඉහළ දමා ඇති බව ද කියනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා මල නෙතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගේ බදු අයකර ගත යුත්තේ කියලා. හැබැයි අපි ඒ පිළිවෙත රකින්නේ නෑ කියලා අපිව විවේචනය කරනවා. හැබැයි ඒ විවේචකයින් අමතක කරන දෙයක් තියෙනවා. මල් තලමින් රොන් ගන්නා අවස්ථා ද තියෙනවා.

මේක අපිට අපූරු පාඩමක්. සාමාන්‍ය තත්ත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දි එහෙම බෑ. එතනදි තත්ත්වය වෙනස්. අද අපිත් යන්නේ අතුරේ. පහුගිය කාලේ අපිට සිදුවුණේ ආර්ථික වැල්පාලම තරණය කරන්න. අපි එහෙම අනතුරුදායක තත්ත්වයකට පත්වුණේ ඇයි. ආර්ථිකය බංකොලොත් වුණේ ඇයි“ ඔහු පැවසීය.