yukthiya-deshabandu-speaks

පෙරේදා රාත්රියේ සිට ඊයේ අලුයම දක්වා නුගේගොඩ කොට්ඨාස වළ කළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් ස්ථාන 17 කින් සිදුකළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැල්ලම්පිටිය පොලිස් බල ප්රදේශයේ වෙලේවත්ත ක්රීඩාංගණයට රැගෙන ආ අවස්ථාවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද එම ස්ථානයට පැමිණියේය.


ඔහු එහිදී මෙසේ කීය.



“මුළු ලංකාවේම ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ගෙනල්ලා පෙරේදා මා එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා. එකේදිත් මම උපදෙස් දුන්නේ තෝරු මෝරුන් අහුවෙන්නේ නැතිවෙන්න හේතුවක් තමයි පොලිසිය මේ මත්ද්රව්ය ජාවාරමේ නිරත පුද්ගලයින් සමඟ දීර්ඝකාලීන තැන් ගැඹුරු විමර්ශනවලට නො යාමේ ප්රතිඵලය.

මොකද සමාජගතවෙලා තියන මත්ද්රව්ය කොහොමද මේ සමාජයට එන්නෙ කියන එක සම්බන්ධව දීර්ඝ විමර්ශන කරන්න ඕන.
ඒක දවසින් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ සඳහා එකාලයක් ගතවනවා. අවශ්ය කරන කාලය රැඳවුම් නියෝග මත තබාගෙන ඔවුන්ගෙන් ප්රශ්න කරල වල මත්ද්රව්ය කවුද ගමට ගෙනාවේ ගමට කොහෙන්ද එන්නේ? නගරයෙන් නගරයට කවුද ගෙනාවේ කොහෙන්ද කියා හොයන් ගියාම තමයි

මේ තෝරු මෝරුන් අල්ලා ගැනීමේ හැකියාව ලැබෙන්නෙ.
මේ නිසා මා විශ්වාස කරනවා මේ අදියරේදී ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් ප්රගතියක් ගන්න පුළුවන්. ඒත් එක්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මත්ද්රව්ය කාර්යාංශය විසින් අඛණ්ඩව බුද්ධි අංශ සමඟ සම්බන්ධ වෙලා තෝරු මෝරුන් සොයාගැනීමේ විමර්ශනය කරනවා.“