ගාසා තීරය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නා ලෙස ඉල්ලා ඊශ්‍රායල ජාතිකයන් දස දහස් ගණනක් අගනුවර වන ටෙල් අවිව්හි රැස්ව උද්ඝෝෂණ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේනය කරන ජනතාව පවසන්නේ දෙශපාලන උවමනාවන් මත යුද්ධයක් පවත්වා යමින් අහිංසක ජනතාව බිල්ලට දෙන්නට අගමැති කටයුතු කරන බවයි.
අගමැතිගේ ඉල්ලා අස්වීම ඉල්ලා ටෙල් අවිව්හි විරෝධතාකරුවන් උද්ඝෝෂණ කරමින් සිටී.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ විරුද්ධවාදීන් පවසන්නේ රජයට එරෙහිව 100,000 ජනතාව මෙයට එක්වූ බවයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් ප්‍රාණ ඇපකරුවෙකු වූ Elad Katzir ගේ සිරුර සොයා ගැනීමෙන් පසුව මෙම විරෝධතා ව්‍යාපාරය ඇරඹිණි.
ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් ද ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සමඟ එක් විය. හමාස් සහ එහි සහචරයින් විසින් ගාසා තීරයේ රැඳී සිටින ප්‍රාණ ඇපකරුවන් 130ක් පමණ මුදා ගැනීමට ආන්ඩුවට නොහැකි වීම සම්බන්ධයෙන් පෙලපාලිකරුවෝ තම කලකිරීම ප්‍රකාශ කළහ.
විරෝධතාකරුවන් ඊශ්‍රායලය පුරා ස්ථාන 50 ක පමණ රැස්වී සිටි බව සංවිධායකයෝ පවසති.
ටෙල් අවිව්හි පැවති විරෝධතාවයේදී මෝටර් රථයක් සෙනඟ අතරට කඩා වැදීමෙන් පස් දෙනෙකුට තුවාල සිදු විය. සිද්ධියට හේතුව අපැහැදිලි විය.
පොලිසිය බලහත්කාරයෙන් ටෙල් අවිව් ජනතාව විසුරුවා හැරියේය.
0 Comments