අධික ලෙස මත්පැන් පානය කර පැමිණ බිරියගේ මවට පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදුකොට ඇති බව කියන සැකකරුවෙකු මැයි මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (25) පස්වරුවේ නියෝග කළේය.
නිට්ටඹුව, ඕචර්ඩ්වත්ත ප්රදේශයේ පදිංචි සැකකරුවෙකු එසේ රිමාන්ඩ් කැරිණි.
අධික ලෙස මත්පැන් පානය කර පැමිණ බිරියගේ මවට පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදුකොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකාර බෑනා අත්අඩංගුවට ගෙන ඇත.
නිට්ටඹුව පොලිසියේ පොලිස් සැරයන් ජී.ඇස්. රත්නායක (16859) මහතා කරුණු දක්වමින් සැකකරු අධික ලෙස මත්පැන් පානය කර පැමිණ නැන්දම්මාට පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදුකොට ඇති බව පවසා සිටියේය.
තුවාලකාරිය රෝහල්ගත කර සිටින බවත් සැකකරු නිතර ගැටුම් ඇති කර ගන්නා බවත් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි ද පොලිස් සැරයන්වරයා පවසා සිටියේය.
මෙහිදී සැකකරුට නීතිඥ සහායක් නොමැති වීම හේතුවෙන් යමක් ප්‍රකාශ කිරීමට ඇති දැයි අධිකරණය කරන ලද විමසීමකදී තමා නිවැරදිකරු යැයි සැකකරු ප්‍රකාශ කළේය. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කැරිණි. මෙම නඩුව නැවත කැඳවීම මැයි මස 06 වනදාට කල් තැබිණ.
0 Comments