avissawella-incident

අවිස්සාවේල්ල මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක ලැගුම් ගැනීමට පැමිණි තරුණියක සැකකටයුතු ලෙස මිය ගොස් සිටියදී හමු වූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.


මිය ගිය කාන්තාව සමගින් හෝටලයේ ලැගුම් ගත් පුද්ගලයා එම කාන්තාව සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමණාකාරීත්වයට දැනුම් දීමෙන් පසු අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.


මෙලෙස අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 23 හැවිරිදි කාන්තාවකි.
ඊයේ (10) සවස පුද්ගලයෙක් සමඟහෝටලයේ කාමරයක් වෙන් කරවාගෙන ඇති අතර දෙදෙනා කාමරයට ගොස් මද වේලාවකට පසුව මෙම මරණය සිදුව ඇත.
කාමරයේ සිටි පුද්ගලයා හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දී ඇත්තේ තරුණිය සිහිසුන් වී ඇති බවකි.එහි ගොස් පරීක්ෂා කිරීමේදී ඇය මියගොස් තිබූ නිසා පොලිසියට පැමිණිලි කළ බව කළමණාකාරීත්වය පවසයි.
කාන්තාන සමග පැමිණි පිරිමි පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.