‘සියල්ලන්ටම ඉංග්‍රීසි’ වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපදේශකත්වය සපයන ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රජයට අනුව සාමාන්‍ය පෙළ විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4441ක් වුවද ගුරුවරුන් 6500ක අවශ්‍යතාවක් පවතී.
පාසල් 765ක් සමඟ කරන ලද අධ්‍යයනයකට අනුව බොහෝ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ කටයුතු දීර්ඝ කර ඇති බව රජය පවසයි.
ඒ අනුව ඉංග්‍රීසි මාධ්‍ය විෂයන් උගන්වන අනුමත ගුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වන පාසල් 765ට අදාළව 2024 වසර තුළ ගුරු අවශ්‍යතාව 1000කින් සපුරාලීම සඳහා ඉංග්‍රීසි මාධ්‍ය විෂයයන් උගන්වන ගුරුවරුන් සංඛ්‍යාව 6500 දක්වා වැඩි කිරීමටත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමටත් නියමිතය.
0 Comments