මුල්ලේරියාව ප්‍රදේශයේ පාසල් සිසු - සිසුවි පෙම් සබඳතාවක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් නිසා සිදු කළ පහරදීමක් හේතුවෙන් තරුණයන් 15 දෙනෙකු රිමාන්ඩ් කරන ලද පුවතක් වාර්තාවේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
මුල්ලේරියාවේ පදිංචි 10 වන ශ්‍රේණියේ සිසුවෙකු 9 වන ශ්‍රේණියේ සිසුවියක සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩ නඟා ගැනීමට උත්සාහ ගෙන තිබේ.
නමුත් සිසුවිය එය ප්‍රතික්ෂේප කර ඇත. දිගින් දිගටම මෙම සිසුවා තමන් හා යාළු වෙන්නැයි සිසුවියට බලපෑම් කිරිම හේතුවෙන් ඇය මේ බව ඇයගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනාට දැනුම් දී ඇත.
අනතුරුව පාසලේ පැවැති ක්‍රීඩා උත්සවයකට එම සහෝදරයින් හා එක් සහෝදරයෙකුගේ විවාහක බිරියද පැමිණ බලපෑම් කරන සිසුවා හමු වී තම සහෝදරිය තවම ඉගෙන ගන්නා බැවින් ප්‍රේමයකට ඇයට බලපෑම් නොකරන ලෙස දැනුම් දී ඇත.
එයට එකඟවී නැති සිසුවා තමන්ට කෙසේ හෝ සිසුවියගේ ප්‍රේමය අවශ්‍ය බව දන්වා ඇත.
එම අවස්ථාවේ පිරිස අතර බහින්බස්වීමක් පැනනැගී ඇති අතර දුරකතන ඇමතුමක් ලබා දී සිය මිතුරන් පිරිසක් එම ස්ථානයට ගෙන්වා ඇති සිසුවා පාසල් භූමියෙන් පිටතදී සිසුවියගේ සහෝදර පිරිසට පහර දී ඇත.
එහිදී සිසුවියගේ සහෝදරයන් දෙදෙනෙකුට සහ සහෝදරයෙකුගේ බිරියට කලහකාරිව හැසුරුණු පාසල් සිසුවා සහ ඔහුගේ මිතුරන් පහරදී ඇත.
මේ සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙක් සහ තරුණියක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පහරකෑමට ලක් වූ එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බවත් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පැවැසීය.
මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කර තිබේ. ඔවුන් අද (29) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඔවුන් අද දිනයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන සහ දුරකතන ඔස්සේ පටිගත වී ඇති දත්ත ඔස්සේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
0 Comments