A-tower-crane-bucket-collapsed-in-a-building-in-Kollupitiya-and-damaged-a-house-and-a-vehicle-nearby

කොල්ලු­පි­ටිය ඇලෝ ඇව­නිව් ප්‍රදේ­ශයේ ඉදි­ක­ර­මින් පව­තින ගොඩ­නැ­ඟි­ල්ලක ටවර් ක්රේන් යන්ත්‍රයේ බක්කිය කඩා වැටී­මෙන් දේපොළ රැස­කට හානි සිදුව ඇතැයි කොල්ලු­පි­ටිය පොලි­සිය පැව­සීය.

ඒ හේතු­වෙන් නිවෙ­ස­කට, සුඛෝ­ප­භෝගී මෝටර් රථ­ය­කට සහ ත්‍රිරෝද රථ­ය­කට අලාභ සිදුව ඇත. බක්කිය කඩා වැටෙන අව­ස්ථා­වේදී කිසිදු පුද්ග­ල­යකු ඒ අවට නොසි­ටීම හේතු­වෙන් කිසිදු ජීවිත හානි­යක් හෝ තුවා­ල­යක් සිදු නොවීය.

මහල් 23කින් යුක්තව ඉදි­ක­ර­මින් පව­තින කාර්යාල සංකී­ර්ණයේ ඉහළ මහලේ ඉදි­කි­රීම් කට­යුතු සිදු කිරී­මට භාවිත කළ ටවර් ක්රේන් යන්ත්‍රයේ බක්කිය මෙලෙස කඩා වැටී ඇත. එම බක්කිය යාබද නිවෙසේ කොන්ක්‍රීට් තට්ටුව මත­ටත්, බක්කිය තුළ තිබූ සිමෙන්ති ගල් සුඛෝ­ප­භෝගී මෝටර් රථයේ බොන­ට්ටුව මතට හා ත්‍රිරෝද රථය මත­ටත් වැටී­මෙන් රුපි­යල් ලක්ෂ ගණ­නා­වක අලාභ සිදුව ඇතැයි පොලි­සිය සඳ­හන් කරයි.

කොල්ලු­පි­ටිය පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එච්.එල්. දුෂ්මන්ත මහ­තාගේ උප­දෙස් මත විවිධ පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක ජී.ඒ.සී.පී. ගම­ආ­රච්චි මහතා ඇතුළු කණ්ඩා­ය­මක් පරී­ක්ෂණ පව­ත්වයි.


බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ