කොටවිල පොලිස් වසමේ මිරිස්ස, තල්අරඹ, එපිටවත්ත ප්‍රදේශයේ නිවෙසක ඉදිරිපස කාමරයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරු පිටියක් ඉකුත් 6 වැනි දින වැටලීමට කොටවිල පොලිසියට හැකිවී ඇත. එහිදී විවිධ ප්‍රදේශවලින් පැමිණි වයස අවුරුදු විසිඑකේ සිට පනහ දක්වා කාන්තාවන් අට දෙනෙකු සහ බූරු පිටිය පවත්වාගෙන ගිය වයස අවුරුදු හතළිහක් වූ විවාහක පුද්ගලයකු සහ තවත් පිරිමි දෙදෙනෙකු ඇතුළු එකළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කොටවිල පොලිසියට ලද තොරතුරක් මත ඉකුත් 6 වැනි දින වැටලූ මෙම බූරු පිටිය පවත්වාගෙන ගිය පුද්ගලයා ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන තම දරුවන් දෙදෙනාව ඔත්තු බැලීමට යොදා ගනිමින් මෙම සූදුපොළ පවත්වාගෙන ගොස් ඇත. මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ වරදට කොටවිල පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කර දඞුවම් ලැබූවෙකි.
මෙම සූදුවට එක්ව සිටි කාන්තාවන් පොල්වතුමෝදර, මිරිස්ස, වැලිගම, තල්අරඹ ප්‍රදේශවල අයවන අතර ඔවුන් වෘත්තීමය වශයෙන් මෙම සූදුවේ යෙදෙන කාන්තාවන් බව හෙළිවී ඇත. මෙම කාන්තාවන් අතර පොල්වතුමෝදර ප්‍රදේශයේ පදිංචිකාරියක වූ මාස පහක කිරිදරුවෙකුගේ මවක ද සිට ඇති අතර
එම කාන්තාව විසින් දරුවා රැක බලා ගැනීමට දෛනික වැටුපට මෙහෙකාරියක යොදවා පැමිණි බව ප්‍රකාශ වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් එකළොස් දෙනාම පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර ලබන 18 වැනි දින කොටවිල අධිකරණයේ මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම වැටලීම කොටවිල පොලිසියේ අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති අනුර හේවාපතිරණ මහතා ඇතුළු පිරිසක් විසින් සිදු කර ඇත.
වජිර පූජිත ගුණවර්ධන
0 Comments