chicken-price-up

ඇතැම් සත්ව ගොවිපළවල කුකුළු මස් කිලෝවක තොග මිල (සම්පූර්ණ කුකුළා) රුපියල් 30කින් ඉහළ දමා තිබෙන අතර, ඇතැම් ප්‍රදේශවල කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 45කින් ඉහළ ගොස් තිබේ.

මේ අනුව රුපියල් 1210කට අලෙවි කළ දවසේ කුකුළු මස්(ෆ්‍රේස් චිකන්) කිලෝවක සිල්ලර මිල ඇතැම් ප්‍රදේශවල රුපියල් 1255 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශීත කළ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1200දක්වා ඉහළ ගොස් ඇත. කරි චිකන් කිලෝවක මිල ඉහළ ගොස් නොමැති අතර එය කිලෝවක් රු 990කට අලෙවි කරනු ලබයි.



රු. 500- රු, 550 මිලකට අලෙවි කළ සුදු ලූනු කිලෝවක සිල්ලර මිල රු. 700දක්වා ඇතැම් ප්‍රදේශවල ඉහළ ගොස් තිබේ.ලොකු ලූනු කිලෝවක් රු. 580–රු. 640 මිලකට කට අලෙවි කරනු ලබයි.දේශීය බිත්තරයක් රුපියල් රු. 40 –රු. 45 මිලකට අලෙවි කරන අතර, පසුගිය කාලයේ රු.800-රු.1000 මිලකට අලෙවි කළ බෝංචි කිලෝවක සිල්ලර මිල ඊයේ(31දා) ඇතැම් ප්‍රදේශවල රු.180 දක්වා පහත වැටී තිබේ.මාලු මිරිස් හැර අනෙකුත් එළවළුල කිලෝවක සිල්ලර මිල රු.400කට අඩු අගයක් ගෙන තිබෙන අතර මාලු මිරිස් කිලෝවක සිල්ලර මිල රු. 600 -රු. 650ක් වී තිබේ.

කැරට් කිලෝවක සිල්ලර මිල රු. 280කි. ලීස් කිලෝවක සිල්ලර මිල රු. 320කි. බීට් කිලෝවක සිල්ලර මිල රු. 280කි.ගෝවා කිලෝවක සිල්ලර මිල රු. 360කි. වට්ටක්කා කිලෝවක සිල්ලර මිල රු. 240කි. අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රු.400කි.

තක්කාලි කිලෝවක සිල්ලර මිල රු. 200කි. මෑකරල් කිලෝවක සිල්ලර මිල රු. 280කි. දඹල කිලෝවක සිල්ලර මිල රු. 380කි. වම්බටු කිලෝවක සිල්ලර මිල රු. 280කි. බණ්ඩක්කා කිලෝවක සිල්ලර මිල රු. 200කි. පතෝල කිලෝවක සිල්ලර මිල රු. 280කි. රාබු කිලෝවක සිල්ලර මිල රු, 160කි. ලංකා අල කිලෝවක සිල්ලර මිල රු. 360කි. රතු ලූනු කිලෝවක සිල්ලර මිල පි 400කි.

ඉන්දික හේවාවිතාරණ