chinese-man-bribe-case

පුපුරන ද්‍රව්‍ය බලපත්‍රයකට අවශ්‍ය නිර්දේශය ගැනීමට රුපියල් 20,000ක අල්ලසක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාරවරයකුට දුන් බවට චෝදනා ලැබ සිටි චීන ජාතිකයකු විත්ති වාචක නොකැඳවාම නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියම කළේය.මෙම නඩුවේ පැමිණිල්ල විසින් කැඳවන ලද සාක්කිකරුවන් දෙදෙනාගේ ස්ථාවරය අනුව අනුව පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ප්‍රබල හා කාවදින සාක්කි ඉදිරිපත් කර ඇද්ද, නැද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට ස්ථාවරයකට එළැඹීමට නොහැකි බව විත්තිකරු නිදොස් කර නිදහස් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

විත්තිකරුවකුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් විත්ති වාචක කැඳවිය යුතු දැයි තීරණය කිරීම සඳහා පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ප්‍රබල හා කාවදින සාක්කි ඉදිරිපත් කළ යුතු වුවත්,

මෙම විත්තිකරුට එරෙහිව ප්‍රබල හා කාවදින සාක්කි ඉදිරිපත් ඉදිරිපත් කර ඇද්ද, නැද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට ස්ථාවරයකට එළැඹීමට නොහැකි බව සඳහන් කරමින් විත්ති වාචක නොකැඳවාම නිදොස් කර නිදහස් කරන ලදදේ, චොන් දොන් ෂිං නමැත්තෙකි.2018 ජුලි 30 වැනිදා අගුණකොළපැලැස්සේදී පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයට අවශ්‍ය නිර්දේශය ගැනීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාරවරයකු වූ උපුල් චන්දන කුමාර නමැත්තාට රුපියල් 20,000ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.



මේ සම්බන්ධයෙන් විභාගයේදී පැවැති නඩු පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් දෙදෙනකු සාක්කි සඳහා කැඳවනු ලැබූ අතර, ඔවුන්ගේ සාක්කි විමසීමෙන් අනතුරුව පැමිණිල්ලේ නඩුව අවසන් කරන බව දැනුම් දුන්නේය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ උදාර මුහම්දිරම් මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඒ අවස්ථාවේදී ඉල්ලීමක් කරමින්, පැමිණිල්ල තම සේවාදායකයාට එරෙහි චෝදනා ඔප්පු කර නොමැති හෙයින්, විත්ති වාචක නොකැඳවාම ඔහු නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.

විත්තියේ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා, විත්තිකරුවකුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් විත්ති වාචක කැඳවිය යුතු දැයි තීරණය කිරීම සඳහා පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ප්‍රබල හා කාවදින සාක්කි ඉදිරිපත් කළ යුතු වුවත්, මෙම නඩුවේ පැමිණිල්ල විසින් කැඳවන ලද සාක්කිකරුවන් දෙදෙනාගේ ස්ථාවරය අනුව පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ප්‍රබල හා කාවදින සාක්කි ඉදිරිපත් කර ඇද්ද,

නැද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට ස්ථාවරයකට එළැඹීමට නොහැකි බව තීන්දුවේ සඳහන් කළේය.ඒ අනුව, විත්ති වාචක නෙකැඳවාම විත්තිකරු නිදොස් කර නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ උදාර මුහම්දිරම් මහතා සමග ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
මනෝප්‍රිය ගුණසේකර