කොරියාවේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට විදේශගත වීම තහනම් කරමින්
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (3) නියෝගයක් නිකුත් කර තිබූ අතර පසුගිය දිනවල ඔවුන් සොයා පොලිසිය ගියද නිවෙසින් අතුරුදන් බව වාර්තා වී තිබුණි.
දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඥාතියකුගේ නිවෙසක සැඟව සිටින බවට විශ්වාස කරන බවත්, ඔවුන් විදේශගත වීමේ අවදානමක් ඇති බවත් කියමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන්ට විදේශගත වීම වළකාලමින් නියෝගයක් ඊයේ නිකුත් කළේය.රහස් පොලිසිය මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් කරමින් තමන් සහ සැමියා අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප වී ඇතැයි දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව සැකකරුවන්ගේ නිවෙස සෝදිසි කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් ඔවුන්ගේ නිවෙසට ගියත් එහි කිසිවකු නොසිටි බව වාර්තාවී තිබූ අතර ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් විය.
එම අවසථාවේ මාධ්‍ය අමතා ඇය මෙසේ කීවාය.
"මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර. "
0 Comments