dusheni-sachin-love

පසුගියදා අවසන්වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළිය ලෙස සම්මාන ලබාගන්නට දුශේනි මියුරංගි රංගන ශිල්පිනිය සමත් විය. ඇය මේ වසරේ මින් ඉහත සුමති ටෙලි සම්මාන උළෙලේදීත් පසුගිය වසරේ සුමති - රයිගම් සම්මාන උළෙල දෙකේදීත් ජනප්‍රියම නිළිය වූ අතර පාඨක ආදරය නොඅඩුව රඳවාගනිමින් සිය ජනප්‍රියත්වය පවත්වා යමින් සිටියේ ටෙලි නාට්‍ය කිහිපයක් හරහා සමීප වෙමිනි.
දුශේනිගේ මෙවර සම්මානය සමග ඇයට සමීප නළු පෙම්වතා ගැන ආරංචිය කළ එළි බැස්ස අතර ඇය රයිගම් සම්මානය අතේ තබාගෙන තම පෙම්වතා සමග සම්මුඛ සාකච්ඡාවලටද එක්වූයේ ඇගේ පෙම්වතා ගැන රහස හෙළි කරමිනි.


ඒ වෙනත් කිසිවෙකු නොව ‘කියා දෙන්න ආදරේ’ ටෙලි නාට්‍ය හරහා ඔබ හමුවට එන සචින් ලියනගේය. ඔහු ගැන මින් ඉහත වාර්තා පළවූයේ ඔහු ශලනි තාරකාගේ පෙම්වතා බව කියමිනි. නමුත් දුශේනිගේම වචන අනුව ඔහු දැන් ඇගේ මව හා පියා ළඟට ඊළඟට වැදගත්ම කෙනාය. සචින් පවසන්නේ තමා ඇයගේ ජීවිතය පුරා රැකවරණය භාරගත් බවයි.
2015 වර්ෂයේදී “මිස් ඒෂියා” කිරුළ හිමි කරගත් දුෂේනි මියුරංගි පසුගිය  2017 මිස් ශ්‍රී ලංකා ලෙසද කිරුළු පැළඳියා. 2017 ඔක්තෝබර් මස අවසානයේ චීනයේ පැවැති ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණි.


ඒ වනවිට ඇය ටෙලි නාට්‍ය කේෂත්‍රයට පිවිස තිබුණ අතර ආරම්භක කාලයේදී ඇගේ පෙම්වතා වූයේ අනුජ්ය. ඔහු සමග එක්ව දුශේනි සැලොන් එකක්ද අරඹා විවාහ වීමට ස්ථාවරයක් සකසමින් සිටියදී එම සම්බන්ධය එක්වරම බිඳ වට්ටා ගත්තාය. එම සිදුවීමෙන් පසු ඇය කාලයක් ක්ෂෙත්‍රෙයන් ඉවත්වූ අතර පසුව නැවත පැමිණියේ තමා ජීවිත අභියෝගය සමග සටන් කරන බව පවසමිනි. පාර දිගේ ටෙලි නාට්‍ය යේ ලේලියකගේ චරිතයට පණ පොවමින් ඇය කලක් සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය විය.

රයිගම් සම්මානය අතේ තබාගෙන ඇය සචින් තම පෙම්වතා බව කියා සිටි අයුරු වීඩියෝව පහතින්