ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මුදල් ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්ණායකයන්ට යටත්ව සහ ඉසඩ් ලකුණු අනුපාතයට අනුව මුදල් ගෙවීමේ පදනම මත එම වෛද්‍ය පීඨයට ඇතුළත්වීමට දේශීය සිසුන්ට හැකියාව ලැබෙන අතර ඔවුන්ට වෛද්‍යවේදය හා ශල්‍ය වෛද්‍යවේදය උපාධි හැදෑරීමේ අවස්ථා හිමි වේ.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය 2011 වර්ෂයේ ආරම්භ කළ අතර එහි විදේශීය සිසුන්ට මුදල් ගෙවීමේ පදනම මත පමණක් සහ දේශීය සිසුන්ට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කැඩෙට් නිලධාරියකු ලෙස බැඳීමේ පදනම මත වෛද්‍ය උපාධිය ලබාගැනීමේ අවස්ථාව තිබිණ.නව කැබිනට් පත්‍රිකාව මගින් එම අවස්ථාව වඩාත් පුළුල් කරමින් දේශීය සිසුන් විශාල පිරිසකට මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි ලබාගැනීමේ හැකියාව උදාවී තිබේ.
ඒ අනුව අනෙකුත් ජාතික විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම සඳහා අනුගමනය කරන ඉසෙඩ් ස්කෝර් (Z Score) අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක්ද සහිතව සකස් කර ඇති නිර්ණායක අනුගමනය කරමින් වෛද්‍යවේදය හා ශල්‍ය වෛද්‍යවේදය උපාධි හැදෑරීම සඳහා උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීමට එම විශ්වවිද්‍යාලයට අවස්ථාව හිමිවේ.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
එම විශ්ව විද්‍යාල වෙබ් අඩවියට අනුව පාඨමාලා ස්වභාවය පහත පරිදිය.
MBBS
උපාධි වැඩසටහනේ ස්වභාවය
අවම වශයෙන් විෂයයන් 14ක් සහිත උපාධි වැඩසටහනේ කාලසීමාව වසර 5 (සෙමෙස්ටර් 10) වේ. විෂයයන් 14 නම්: ව්‍යුහ විද්‍යාව, ජීව රසායන විද්‍යාව, කායික විද්‍යාව, ක්ෂුද්රජීව විද්‍යාව, පරපෝෂිත විද්‍යාව, ව්‍යාධි විද්‍යාව, ප්‍රජා වෛද්‍ය විද්‍යාව, ඖෂධවේදය, අධිකරණ වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සැත්කම්, ළමා රෝග, ප්‍රසව හා නාරිවේදය, මනෝ වෛද්‍ය විද්‍යාව
ප්‍රධාන විභාග 4ක් ඇත,
එනම්:
දෙවන MBBS - ව්‍යුහ විද්‍යාව, ජීව රසායන විද්‍යාව, කායික විද්‍යාව
තෙවන MBBS කොටස I- ක්ෂුද්‍ර ජීව විද්‍යාව, පරපෝෂිත විද්‍යාව
තෙවන MBBS II කොටස - ව්‍යාධි විද්‍යාව, ප්‍රජා වෛද්‍ය විද්‍යාව, ඖෂධවේදය, අධිකරණ වෛද්‍ය විද්‍යාව
අවසාන MBBS - වෛද්‍ය විද්‍යාව, සැත්කම්, ළමා රෝග, ප්‍රසව හා නාරිවේදය, මනෝචිකිත්සාව
සායනික පුහුණුව:
සායනික පුහුණුව දෙවන MBBS අවසන් කිරීමෙන් පසු තුන්වන වසරේ ආරම්භ වන අතර අවසාන වසර අවසානය දක්වා පවතී.
0 Comments