maharagama-brothel-raided

මහ­ර­ගම ප්‍රදේ­ශයේ සම්බා­හන මධ්‍ය­ස්ථාන මුවා­වෙන් පව­ත්වා­ගෙන ගිය ගණිකා නිවාස වටලා කළ­ම­නා­ක­රු­වන් 06 දෙනකු සහ එම ගණිකා නිවා­ස­වල සේවය කළ කාන්තා­වන් ඇතුළු 20 දෙනෙක් පෙරේදා (09) මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ.



මහ­ර­ගම නග­රය කේන්ද්‍ර කර ගනි­මින් සම්බා­හන මධ්‍ය­ස්ථාන මුවා­වෙන් ගණිකා නිවාස රාශි­යක් හතු පිපෙ­න්නාක් මෙන් බිහි වී ඇති බවත්,

ඒ සඳහා නගර මධ්‍යයේ පිහිටි පාස­ල්වල සහ උප­කා­රක පන්ති­වල සිසුන් බොහො­ම­යක් මෙම ගණිකා නිවාස වෙත යාමට යොමුවී ඇති අතර මෙම ගණිකා මධ්‍ය­ස්ථාන කිසිඳු චකි­ත­ය­කින් තොරව පව­ත්වා­ගෙන යන බව­ටත් මහ­ර­ගම ප්‍රදේ­ශ­වා­සීන් දුර­ක­තන පණි­විඩ ඔස්සේ තොර­තුරු ලබා දෙමින් සිටින බව පොලි­සිය පව­සයි.ලබා­දෙන පණි­වි­ඩ­ව­ලට අනුව එම තොර­තුරු සඳහා ක්‍රියා­ත්මක වීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ අධ්‍යක්ෂ පොලිස් අධි­කාරි සම­න්ති­ලක වැලි­විට මහතා සහ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක ඉන්දික වීර­සිංහ යන නිල­ධා­රීන් කරන ලද සැලැ­ස්ම­කට අනුව එම ප්‍රදේ­ශයේ බුද්ධි අංශ නිල­ධා­රීන් යොදවා සිදු කරන ලද රහ­සි­ගත ආවේ­ක්ෂණ රාජ­කා­රි­යෙන් පසු අනා­ව­ර­ණය කර ගත් තොර­තු­රු­ව­ලට අනුව ගංගො­ඩ­විල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් ලබා ගත් සෝදිසි වරෙන්තු මත පෙරේදා (09) සවස කාලයේ මෙම වැට­ලීම් සිදු කර තිබේ.



පොලිස් කණ්ඩා­යම් හයක් යුක්තිය මෙහෙ­යු­මට සම­ගා­මීව සිදු­ක­රන ලද වැට­ලී­මේදී මෙම පිරිස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව පොලි­සිය සඳ­හන් කරයි.

සැක­ක­රු­වන් සහ සැක­කා­රි­යන් ගංගො­ඩ­විල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ඉදි­රි­පත් කිරී­මට කට­යුතු යොදා තිබුණි.
(රක්ෂණ ශ්‍රියන්ත)