new-positions-from-president

නව තානාපතිවරුන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ ද අල්විස් පත් කිරීමට සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සාරංග අලහප්පෙරුම

පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවුණා.

එමෙන්ම අනුව වියට්නාමයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්.ඒ.යූ.පී. පෙරේරා, පෝලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ටී.පී. ධර්මසේන මහත්මිය, තායිලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ඊ.ඒ.එස්.ඩබ්. එදිරිසිංහ සහ මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පී.ඒ.පී. පොන්නම්පෙරුම පත්කිරීමට අනුමතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.



ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්.ජී. රූබසිංහපත් කිරීමට සහ ධීවර අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කේ.එන්.කේ. සෝමරත්න පත් කිරීමටද අනුමැතිය ලබාදී තිබෙනවා.