polonnaruwa-incident

නිධානයකින් ලබාගත් රුපියල් ලක්ෂ හතළිහක් වටිනා රන්කාසි බව පවසමින්. ව්‍යාප් රන්කාසි 810 ක් මනම්පිටිය මාගංතොට ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීමට යෑමේ දී ඔහු කළ පැමිණිල්ලක් අනුව ඊයේ 04 රාත්‍රියේ කළ වැටලීමක දී මව, දුව, පුතා, අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සදහන් කරයි.



අත්අඩංගුවට ගත් සැකකරුවෝ පොළොන්නරුව ගල්කොරිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් ව්‍යාජ රන්කාසු සමග අත්අඩංගුවට ගන්නා විට පියා පැන ගොස් ඇති බවද කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක

ඒ.ටී. බණ්ඩාර මහතා සඳහන් කළේය. රන් කාසි කිරීමට ගන්නා තරාදියක් සහ ජංගම දුරකථන හයක් ද මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. රුපියල් ලක්ෂ හතළිහක් වටිනා නිධානයකින් ලබාගත් රන්කාසි තොගය ලබා ගැනීමට දෙදෙනෙකු පමණක් මැදිරිගිරිය දහම් වැව අසලට පැමිණෙන ලෙසට මෙම සැකකරුවන් මනම්පිටිය ප්‍රදේශයේ අවුරුදු පනස් පහක් පමණ වයසති අයට දුරකතන ඇමතුමක් ලබා දී තිබිණි.

ඒ අනුව තම පුතු සමග දහම් හෝ ප්‍රදේශයට ගිය විටදීම පවුලේ පියා රන් කාසියක් මුඛය තුළට දමා එය දෙකට කඩා මුඛ ඇතුළේ සඟවා තිබූ සැබෑ රන් කාසියක කොටසක් පැමිණිලිකාර පාර්ශ්වයට ලබාදී ඇති අතර එම පාර්ශ්වය එම කොටස කදුරුවෙල ජුවලරියකට ගෙනවිත් පරීක්ෂා කිරීමේ දී එම කොටස රුපියල් පහළොස්දාහක් පමණ වටිනාකමකින් යුක්ත බවට ජුවලරිය හිමිකරු පවසා තිබේ.



ඒ පිළිබඳ සැකසිතූ මනම්පිටිය ප්‍රදේශයේ පැමිණිලිකාර පාර්ශ්වය පොලිසියේ උපාය දූතයෙකු සමග මැදිරිගිරිය දහම්වැව ප්‍රදේශයට ගොස් රුපියල් ලක්ෂ හතලිහක් වටිනා ව්‍යාජ රන්කාසි සමගින් පවුලෙ මව, පුතා, දියණිය අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව පොලිසිය පවසයි.

මව, දියණිය, පුතු සහ පියා කන්තලේ ඇතුළු ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධව පොලිස් අත්අඩංගුවට ගත් අයවලුන් බවත්, අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගැනීමේ වරදට පියා අත්අඩංගුවට ගෙන අධිකරණ වැරදිකරුවකුට වූ අයෙකු බවද පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා පැවසීය.

නිමල් ජයරත්න