උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට මවුපියන් විසින් කුලියාපිටිය රෝහලට ඇතුළත් කළ 13 හැවිරිදි දැරිවියක් දෙමස් ගැබිනියක් බව සහ ඇය කිසිවකුගෙන් අතවරයකට ලක්ව නොතිබීම හා වෛද්‍ය පරීක්ෂණවලින් ඇය කන්‍යාවියක් බව අනාවරණය වීම මේ වන විට දැඩි කතාබහකට ලක්ව ඇති සිදුවීමක් වී ඇතත් වෛද්‍ය විද්‍යාත්මක මතය වන්නේ
එවැනි සිදුවීම් සිදුවිය හැකි දේවල් බවය. ලිංගික සංසර්ගයකින් තොරව ගැබ් ගැනීමේ හැකියාවක් ස්ත්‍රියක් සතු වුවද අනිවාර්යයෙන්ම ඒ සඳහා පුරුෂයකුගේ සක්‍රීය ශුක්‍රාණුවක් තිබිය යුතු බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු පවසති.
වසර 2019 දී John Hopkins University සහ සිංගප්පූරුවේ ජාතික රෝහල එක්ව කන්‍යා ගැබ්ගැනීම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙන බව ද ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු සඳහන් කරති.
ගැබිනි මවුවරුන් 7,870ක් එම අධ්‍යයනයට යොදා ගෙන ඇති අතර ඉන් කාන්තාවන් 45ක් යෝනි මාර්ගික ලිංගික හැසිරීමකින් තොරව ගැබ් ගෙන ඇති බවට වාර්තා වී ඇතැයි ද එම වෛද්‍යවරු සඳහන් කරති.
සක්‍රිය ශුක්‍රාණුවක් යෝනි මාර්ගය සමඟ ස්පර්ශ වුවහොත් ගැබ් ගැනීමේ හැකියාවක් ඇති බවට මෙම අධ්‍යයනය අවසානයේ දී තීරණය වී තිබේ. ඒ අනුව පුරුෂයකුගේ සක්‍රිය ශුක්‍රාණුවක් සමඟ සම්බන්ධ වීමකින් තොරව කාන්තාවකට ගැබ් ගැනීමට නොහැකි බවත් කන්‍යා පටලයට හානියක් නොවී ගැබ් ගැනීමට හැකියාවක් ඇති බවත් වෛද්‍යවරු ප්‍රකාශ කරති. මෙම තත්ත්වය මත මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන හෙට්ටිපොළ පොලිසිය, වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව උත්සහයක නිරත වන්නේ ඇය මෙසේ ගැබ් ගැනීමක් සිදුවූයේ කුමන ආකාරයකින්දැයි කියාය. ඒ ඇය ගැබ් ගැනීමට මුල්වූ පිරිමි ශ්රක්රාණුව කාගේදැයි අනාවරණය කර ගැනීමටය. ඒ සඳහා දැරිවිය සිය කුසේ සිටින බිලිඳා බිහි කිරීමෙන් අනතුරුව ඩී.එන්.ඒ. පරික්ෂාවක් සිදු කිරීමට සිදුවනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. දැරියගෙන් වෛද්‍යවරුන් මේ ගැන ප්‍රශ්න කිරීමේ දී පවා ඇය පවසා ඇත්තේ කිසිදු පිරිමියෙක් ඇය සමඟ කිට්ටු සම්බන්ධයක්වක් පවත්වා නොමැති බවය. එසේම මවුපියන් පවා පවසා ඇත්තේ දැරිවිය කිසිවිටකත් අනාරක්ෂිතව නොසිට ඇති බවය. ඒ අනුව මෙම ගැටලුව විසඳීමට යම් කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බවත් දැරිවිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බැවින් ඉදිරියේ දී මනෝ වෛද්‍යවරුන්ගේ සහාය ගැනීමට බලාපොරොත්තුවන බවත් දැනගන්නට තිබේ.
0 Comments