කහවත්ත නීලගම වතුයායේ පදිංචි බාලවයස්කාර පෙම්වතියක මාපිය නීත්‍යානුකූල භාරකත්වයෙන් පැහැරගෙනයාම සම්බන්ධයෙන් පෙම්වතාවූ 25 හැවිරිදි තරුණයෙකු පෙරේදා (25) අත්අඩංඟුවට ගත් බව කහවත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහවත්තේ නීලගම වතුයායේ අංක 5 කොටසේ පදිංචි 25 හැවිරිදි ප්‍රකාශ් කුමාර් නැමැති කරුණයෙකි.
තම නිවසේ සිටි අවුරුදු 15යි, මාස 4ක් වයසැති තම දැරිය පසුගිය 23 වැනිදා සවස 4.25 සිට නිවසින් අතුරුදන්වී ඇති බවත් ඇය වසර කිපයක සිට එම වතුයායේම පදිංචි ප්‍රකාශ් කුමාර් නැමැති තරුණයෙකු සමඟ ප්‍රේමසම්බන්ධයක් පවත්වාගෙන තිබූ බවද මෙම සම්බන්ධය නවත්වන ලෙස තම දැරියට හා තරුණයාට අවස්ථා කීපයකදී අවවාද කළ බවත් පසුගිය 23 වැනිදා සවස 4.25 පමණ නිවසේ සිටි දැරිය අතුරුදන්වූ අතර,
සොයා බැලීමේදී දැරිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන සිටි තරුණයා ද ඔහුගේ නිෙවසින් අතුරුදන් වී ඇතැයි දැරියගේ පියා විසින් ඉකුත් 24 වැනිදා කහවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ.
මෙම පැමිණිල්ල සම්බන්ධව වහාම ක්‍රියාත්මකවූ කහවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා දැරියගේ පියා සහ පෙම්වතාගේ මාපියන් පොලිසියට ගෙන්වා කරන ලද පරීක්ෂණයකින් අනතුරුව පෙම්වතාවූ ප්‍රකාශ් කුමාර් නැමැති අය සහ ඔහුගේ පෙම්වතිය වූ බාලවයස්කාර දැරිය සමඟ බළන්ගොඩ ප්‍රදේශයේ පිහිටි පෙම්වතාගේ මාමාගේ නිෙවසේ සිටියදී පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් භාරයට ගත් දැරියව කහවත්ත දිසා රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට,
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර සැකකාර තරුණයාට බාලවයස්කාර දැරියක් මාපිය නීත්‍යානුකූල භාරකත්වයෙන් පැහැරගෙනයාම සම්බන්ධයෙන් නඩු පැවරීමට කහවත්ත පොලිසිය කටයුතු කරගෙන යයි.
(රත්නපුර එන්.පී. රාජදොරේ)
0 Comments