salman-khan-house-shoot

ප්‍රකට බොලිවුඩ් නළු සල්මන් කාන් පදිංචිව සිටින ඉන්දියාවේ බන්ද්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල් නිවාසයෙන් පිටතදී ඊයේ (14) අලුයම 5 ට පමණ පුද්ගලයින් දෙදෙනකු පැමිණ වෙඩිතැබීමක් සිදුකර පළාගොස් තිබේ. ඔවුන් නිවසටද අහසටද කිහිපයක් එල්ල කර එම ස්ථානයෙන් පලා ගිය බව පොලිස් නිලධාරින් පවසා තිබේ. වෙඩි 4 ක් තබා ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වේ. ඔහුගේ නිවස අවට ආරක්ෂාව තර කර ඇති අතර සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.



 නාඳුනන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනා ඉරිදා අලුයම කළ ප්‍රහාරය නිසා කිසිවකුටත් හානියක් සිදුවී නොමැති නමුත් නළුවාගේ නිවසේ ගැලරිය තුළ තිබී එක් උණ්ඩයක් සොයාගෙන තිබේ. ප්‍රහාරකයන් මේ වනවිට සීසීටීවී ඔස්සේ මුම්බායි පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් මිනීමැරීමට තැත් කිරීම සහ ආයුධ පනත යටතේ නඩු පවරන්නටත් සූදානමින් සිටී.
ප්‍රහාරකයන් පැමිණි යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය වන අවස්ථාවේ සල්මන් ඛාන් ඔහුගේ නිවසේ සිට ඇති අතර, මුම්බායි පොලිසිය පැවසුවේ, උණ්ඩ අහසට පත්තු වීම සමග නළුවා අවදිවී පොලිසිය ඇමතූ බවයි.



සල්මන්ගේ පියා, සලීම් ඛාන්, CNN-News18 වෙත කතා කරමින් කියා සිටියේ, “කියන්න දෙයක් නැහැ” යනුවෙනි. "ඔවුන්ට අවශ්‍ය වන්නේ ප්‍රසිද්ධිය පමණි, කරදර විය යුතු නැත," ඔහු තවදුරටත් පැවසීය.

මීට අමතරව, වෙඩි තැබීම් සිදුකළ පුද්ගලයන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පිටත සිට පැමිණි අය බවද ඔවුන් අධිවේග මාර්ග ඔස්සේ පැමිණි බවට සාක්ෂි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මහජනයාට නිකුත් කර ඇති සීසීටීවී ඡායාරූප මගින් සැකකරුවන් අල්ලන්ට පොලිසිය උත්සාහ කරයි.
සැකකරුවන් සොයා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 15ක් පමණ යොදා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ලෝරන්ස් බිෂ්නෝයිගේ සොහොයුරා වන අන්මෝල් සමාජ මාධ්‍ය සටහනක් මගින් වෙඩි තැබීමේ සිද්ධියේ වගකීම භාරගෙන තිබේ. මුම්බායි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන අතර අන්මෝල් බිෂ්නෝයිගේ සමාජ මාධ්‍ය හසුරුව පරීක්ෂා කරයි.
සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල වූ අවස්ථා 5ක්, ලෝරන්ස් බිෂ්නෝයි සමඟ ඇති වූ දිගුකාලීන ආරවුල තුළ ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.පසුගිය වසරේ, සල්මන් ඛාන්ට කැනඩාව පදනම් කරගත් පලාගිය මැර කල්ලියක් වන ගෝල්ඩි බ්‍රාර්ගෙන් තර්ජනාත්මක විද්‍යුත් තැපෑලක් ලැබී තිබූ අතර, ඔහු ඛාන් තම කල්ලියේ ජනප්‍රිය ලැයිස්තුවේ සිටින බව විවෘතව ප්‍රකාශ කළේය.
මේ දක්වා සැකකරුවන් අල්ලාගෙන නැති අතර ඉන්දීය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.