හොරණ, මොරගහහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කළ බවට අනාවරණය වී ඇති පාදුක්ක ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මියගිය ගුවන් හමුදා කෝප්‍රල්වරයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන තනූජ සම්පත් නොහොත් හඳපාන්ගොඩ හඳයාගේ හෝමාගම සහ පාදුක්ක ප්‍රදේශවල හෙරොයින් ජාවාරම මෙහෙය වූ ප්‍රධාන ගෝලයා බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම සැකකරු පාදුක්ක, මීරියගල්ල අංක 42, හි පදිංචි රාජපක්ෂ පතිරගේ දිලංක ලක්මාල් රාජපක්ෂ නොහොත් එස්.එෆ් කළු නමින් හඳුන්වන පුද්ගලයෙකි. මොහු ඉකුත් 07 දා මොරගහහේන පොලිස් වසමේදී වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පාදුක්ක අංගමුව ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසලදී පොලීසියට වෙඩි තැබීමට තැත් කිරීමේදී පොලීසිය එල්ලකල ප්‍රතිප්‍රහාර හමුවේ ඉකුත් 08 දා අලුයම මියගොස් තිබුණි.
පසුව තුවාලකරු පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් සිටි බව පොලීසිය කියයි. ඒ අනුව මියගිය පුද්ගලයා එස්.එෆ් කළු නමින් හඳුන්වන පුද්ගලයා බවත්, ඔහු ඉකුත් 07 දා මොරගහහේන පොලිස් වසමේදී වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, මෙම ඝාතන කුමන්ත්‍රණය සහ මෙහෙයවීම දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ජාකොඩිගේ තනූජ සම්පත් ජයසේකර නොහොත් හඳයා යන අය විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ.
එස්.එෆ් කළු නැමැත්තා හඳපාන්ගොඩ හඳයා සමග ඉතා ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත්, හඳයා නැමති සංවිධානාත්මක අපරාධකරුට අයත් අංක මීගොඩ අලූත් පාර බද්දෙගෙදරමුල්ල අංක 442/1, ස්ථානයේ පිහිටි නිවස මෙම රාජපක්ෂ පතිරර්ගේ දිලංක ලක්මාල් නොහොත් එස්.එෆ් කළු නමින් මිලදීගෙන ඇති බවත් එම නිවසේ ජල බිල්පත පරීක්ෂා කිරීමේදී ගිණුම් අංක 10/35/885/235/16 යටතේ එස්.එෆ් කළුගේ නමින් ලියාපදිංචි වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ.
එසේම රුපියල් ලක්ෂ 06 ක මුදලකට බදු ඔප්පු අංක : 523 යටතේ හෝමාගම ඉඩම් ලියාපදිංචි කිර්මේ කාර්යාලයේ ඒ, 1284/16 දරන පත් ඉරුව මගින් ලියාපදිංචි කළ පර්චස් 13ක ඉඩම සහිත මෙම නිවස ජාකොඩිඩ්ගේ තනුජ සම්පත් ජයසේකර නොහොත් හදයාගේ බිරිඳ වන අංක 91/2, නියඳගල, පන්නිපිටිය ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිගේ චන්ද්‍රිකාගේ නමින් 2024.03.11 වන දින බදු ඔප්පුවක් සකස්කර බදු පදනම මත ලබා දීමට මෙම සැකකරු කටයුතු කර ඇති බවත් පැවසේ.ඉහත තොරතුරුවලට අමතරව මෙම එස්.එෆ් කළු නැමැත්තා විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරු ජාකොඩිගේ තනුජ සම්පත් ජයසේකර නොහොත් හඳයාගේ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම හෝමාගම හා පාදුක්ක ප්‍රදේශවල මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා බවටද බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
0 Comments