පෙර පරපුරේ සිටි ශ්‍රී ලාංකේය සිනමා උදෙසා විශිෂ්ට සේවාවක් කළ ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙල මෙවරද ඉතාමත් උත්කර්ෂවත් අයුරින් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා ලෝටස් පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙවර 1965 වසරේ සිට 1969 වසර දක්වා වූ කාලය මේ සඳහා අදාළ විය.මාලිනී ෆොන්සේකා ,රවින්ද්‍ර රන්දෙනිය,ධර්මසිරි බණ්ඩාරනායක, ඇතුළු විශාල පිරිසක් මෙවර සම්මානයෙන් පිදුම් ලැබූ අතර ත්‍රිවිධ හමුදාවේ නර්තන කණ්ඩායම් ඉදිරිපත් කළ නර්තන අංගයන් කාගේත් සිත් ගත්තේය.
රාජ්‍ය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද, මහා මාර්ග ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ද මේ සඳහා සහභාගී වූහ.
සිංහල සිනමා කර්මාන්තය වෙනුවෙන් වැඩ කටයුතු කළ අධ්යක්ෂවරුන් නිෂ්පාදකවරුන් රංගන ශිල්පීන් ශිල්පිනියන් කැමරා ශිල්පීන් වේශ නිරූපණ ශිල්පීන් කලා අධ්‍යක්ෂකවරුන් හා සියලුම අංශයන් නියෝජනය වන අයුරින් සම්මාන පුද දෙනු ලැබු මෙම සම්මාන උළෙල සනොජා බිබිලේ මහත්මියගේ පියා වන ප්‍රවීණ රංගන ශිල්පී සුමිත් බිබිලේ මහතාගේ අදහසකට අනුව සිදුවේ. ලේකම් සනෝජා බිබිලේ සභාපති සුනිල් ප්‍රනාන්දු මෙය සංවිධානය කර තිබේ.
(ඡායාරූප ධනංජය චතුරංග)
0 Comments