
පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඇප මත මුදාහැර තිබේ.
2pm
ජනප්‍රිය උපකාරක පන්ති දේශකයෙකු හා ගත් කතුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අද (25) දිනයේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට යැයි පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන කාලයක් තිස්සේ එම මුදල් නැවත ලබා නොදුන් බව කියමින් උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව නුවන් ප්‍රදීප් නම් ව්‍යාපාරිකයකු විසින් කදාන පොලීසියට අප්‍රේල් මස 09 වැනිදා පැමිණිල්ලක් කර තිබූ අතර
නැවත ලබාදෙන පොරොන්දුව මත වසර දෙකකට පෙර එම මුදල ලබාගත්තද එම මුදල් ලබානොදුන් බව කියමින් කළ එම පැමිණිල්ලට අදාලව උපුල් ශාන්ත සන්නස්ගල මහතාව පොලීසිය හමුවට ඊයේ කැදවා තිබුණි.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය හමුවට ඒ අනුව ඊයේ පැමිණ පවසා ඇත්තේ එම මුදල තමාට ලැබුනේ පරිත්‍යාගක් ලෙස බවය. එම මුදල සති දෙකක් තුළ ලබාදීමට සන්නස්ගල මහතා එහිදී පොලීසිය හමුවේ එකඟ වූ බව වාර්තාවී තිබුණි.
එසේ තිබියදී ඔහුව අත්අඩංගුවට ගත් බව අද වාර්තා විය.
සන්නස්ගල මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ඉරාජ් සිය යූටියුබ් නාළිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval