වවුනියාවේ සුන්දරපුරම් විදුහලේ දෙවන වසරේ කුඩා ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ගුරුවරිය පෙරේදා (07) වවුනියාව ඊච්චන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.
එම සිසුවාට කලින් දිනයේ කියා දුන් පාඩම් මතකයේ නොතිබූ බව කියමින් එම ගුරුවරිය සිසුවාට පහර දී තිබූ අතර එම පහර දීම නිසා සිසුවාගේ ඇස්වලට, හිසට, කම්මුලට තුවාල සිදුව ඇත.
මවුපියන් මුලින්ම පාසලට ගොස් තම පුතාට පහර දුන් බව කියන ගුරුවරිය හමු වී තොරතුරු විමසද්දී එම ගුරුවරිය මවුපියන්ටද බැණ වැදී තිබේ.
පසුව ඔවුන් සිසුවා ප්‍රතිකාර සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වවුනියාව රෝහල් පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලින් පසුව ඊච්චන්කුලම පොලිසිය විසින් සැකකටයුතු ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ගුරුවරිය වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවද වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලයද පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
රසුල දිල්හාර ගමගේ
0 Comments