whatsapp-mud-attack

නිට්ටඹුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකුට සහ ආචාරිය මණ්ඩලයට වට්ස්ඇප් ගිණුමකින් විවිධ චෝදනා කරමින් නින්දා අපහාස කරන බව කියමින් එම විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ අනූ දෙනකු ඊයේ (4) නිට්ටඹුව මූලස්ථාන පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි.

මෙම විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා තරගය පැවැති අවස්ථාවේ කිහිප දෙනකු ක්‍රීඩා තරග නැරඹීම සඳහා විදුහල් භූමියට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු ඊට ඉඩ ප්‍රස්ථාව ලබාදී නොමැති බව එම ගුරුවරුන් පොලිසියට පවසා ඇතැයි කියති.



මෙම සිද්ධියෙන් පසු විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයට වට්ස්ඇප් ගිණුමක් හරහා විවිධ චෝදනා නගමින් තදබල ලෙස නින්දා අපහාස සිදු කරන බව එම විදුහලේ ගුරුවරුන් සහ ගුරුවරියන් පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි. එම වට්ස්ඇප් ගිණුමේ නමද ඔවුන් පොලිසියට හෙළි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පැමිණිල්ල කර ඇත්තේ නිට්ටඹුව

මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර කුමාර මහතා හමුවේය. මෙම පැමිණිල්ලට  සාධාරණයක් ඉටු කරන බවට නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රතිඥාවක් ලබා දුන් බව එම විදුහලේ ගුරුවරු කිහිප දෙනෙක් පැවැසූහ.ම

ේ ගැන පැමිණිලි කිරිමට පැමිණි ආචාර්ය මණ්ඩලයේ අනූ දෙනා අතරින් ගුරුවර ගුරුවරියන් තිදෙනකුගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය කීය. මෙයට සම්බන්ධයැයි පැවසෙන තිදෙනකු පිළිබඳ තොරතුරු මේ වනවිටත් හෙළි කරගෙන ඇතැයිද පොලිසිය කියයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය