18-friend-boy-girl

දහහත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා පළ කළ බව පැවසෙන දහ අට හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය සඳහන් කරයි.නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පන්තියකට යමින් සිටියදී මත්තේගොඩ කුඩමාදූව ප්‍රදේශයේ සිට පැමිණි 17 හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ. මේ අතරතුරදී පෙම්වතා කිසියම් ඖෂධ වර්ගයක් පානය කරන බව දැනගෙන ඒ පිළිබඳ විපරම් කිරීමේදී

පෙම්වතාට නිදන්ගත රෝගයක් හටගෙන ඇතැයි දැනගැනීම නිසා ප්‍රේම සම්බන්ධතාව නවතාලීමට පාසල් සිසුවිය කටයුතු කර තිබේ.

පසුව ඇය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කර තිබේ.මේ බව දැනගත් තරුණයා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය කාලය තුළදී වීඩියෝ කෝල් ගන්නා අවස්ථාවලදී පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප ස්ක්‍රීන්ෂෝට් හරහා ලබාගෙන තිබූ අතර එම ඡායාරූප ප්‍රේම සම්බන්ධතාව නැවැත්වීමෙන් පසුව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇත.මේ බව දුටු මිතුරියන් කිහිපදෙනෙකු පාසල් සිසුවියට දැන්වීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. මත්තේගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න