A-Sri-Lankan-student-and-her-boyfriend-were-arrested-for-having-an-illegal-abortion-in-Japan

නීතිවිරෝධී ගබ්සාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෑතකදී අත්අඩංගුවට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ජපානයේ ඉබරකි ප්‍රාන්තයේ ටොරීඩයේ පදිංචිව සිටි බව කියන රූබසිං ලියනගේ උදේශිකා අයෝමි ජයලත් නම් සිසුවිය මාස නවයක් පමණ ගැබිනියක්ව සිටියදී තම බිළිඳා ගබ්සා කළැයි කියන චෝදනාව මත ඇගේ පෙම්වතා වූ උට්සුනෝමියේ පදිංචි සිසුවකු වන මුණසිංහ සුදේශ් දිල්ෂාන් ද සොයිසා අත්අඩංගුවට ගත් බව ඉබරකි ප්‍රාන්ත පොලිසිය මැයි 23 වැනිදා නිවේදනය කළේය.


පසුගිය අප්‍රේල් 29 වැනි දින ද සොයිසාගේ නිවසේදී මෙම ගැබිණි සිසුවිය මත්ද්‍රව්‍ය භාවිත කර දරුවා ගබ්සා කර ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් දෙන්නාම 30 හැවිරිදි වියේ පසුවන අතර එම චෝදනා පිළිගෙන ඇත.
සිද්ධිය සම්බන්ධ කළ පරීක්ෂන අනුව සිසුවිය මාර්තු මස අගදී ටොචිගි ප්‍රාන්තයේ ප්‍රසව වෛද්‍යවරයකු වෙත ගොස් ගබ්සාවක් ඉල්ලා සිටි නමුත් ජපානයේ මාතෘ සෞඛ්‍ය පනත යටතේ ගබ්සා කිරීමට අවසර දී ඇති කලල කාලය ඉක්මවා ගිය බැවින් වෛද්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබුණි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ විෂයට අදාළ සුදුසුකමක් ලබා 2023 අප්‍රේල් මාසයේදී උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වී වසර දෙකක අධ්‍යාපනය  සඳහා පාසලේ නේවාසිකාගාරයේ ජීවත් වෙමින් සිටි අතරතුර සිසුවිය ගැබ්ගෙන තිබුණි.


පසුගිය මාසයක පමණ කාලය තුළ ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව ඉඳහිට වාර්තා කළද, ඇය මැයි 20 දක්වා සුපුරුදු පරිදි පාසලට ගොස් තිබේ. ඊට පෙර සතියේ, ඇය ජුනි මාසය දක්වා වූ කාලසීමාව සඳහා ඇයගේ  ගාස්තු ගෙවා තිබුණ බවත් පරීක්ෂණ වලදී හෙළි විය. ඇය ගැබිනියක් බවට සිසුවියන් අතර කටකතා පැතිර යද්දී ඇයගේ හිටපු නේවාසික මිතුරිය ඇයට බඩේ අමාරුවක් ඇති බව පවසමින් එය ප්‍රතික්ෂේප කළ බව පරීක්ෂණ වලදී අනාවරණය විය.
පසුගිය කාලයේ ගැබිනි වී දරු ප්‍රසූත කළ ඇතැම් සිසුවියන් සිය මව් රටවලට යැවූ බවත් තවත් පිරිසක් තම බිළිඳුන් තම මව් රටවල පවුලේ සාමාජිකයන් සමඟ දමා ගොස් අධ්‍යාපන කටයුතු කරගෙන ගිය බවත් එම පාසල පවසයි.
ජාත්‍යන්තර සිසුන්ගේ අස්ථාවර නේවාසික තත්ත්වය මෙම සිද්ධිය පිටුපස සාධකයක් විය හැකි බව විශේෂඥයෙක් පෙන්වා දී ඇත.
විදෙස් සිසුවියන් නිවසේ දී දරු ප්‍රසූතියෙන් පසු බිළිඳු සිරුර අතහැර දමා ගිය බවට සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථා ද ඇතැයි පොලිසිය පවසා තිබේ. විදේශීය ශිෂ්‍යයෙකු පාසලට නොපැමිණෙන්නේ නම් හෝ දරු ප්‍රසූතිය හෝ ළමා රැකවරණය හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම පිරිහෙන්නේ නම්,

"ඔවුන් විදේශයන්හි අධ්‍යාපනය ලැබීමේ අරමුණ ඉටු කර නොමැති නිසා ඔවුන්ගේ ලියාපදිංචිය අලුත් නොකළ හැකි" බව පාසල දන්වා ඇත.
මෙම සංසිද්දියට මුහුණපෑ සිසුවියට දරුගැබ සඟවමින් තොරතුරු තාක්ෂණය හැදෑරීමට අවශ්‍ය වූ බව වාර්තා වේ.

නීතිවිරෝධී ගබ්සාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි ජපන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.