Briton-Geoffrey-died-of-a-heart-attack-on-the-troubled-Singapore-flight

සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් දැඩි කැළඹීමකට ලක්වූ සිදුවීමක් ඊයේ වාර්තා විය. සිද්ධියෙන් මිය ගිය බ්‍රිතාන්‍ය ජාතික ගුවන් මගියා 73 හැවිරිදි ජෙෆ්රි කිචන් ලෙස හඳුනාගෙන ඇත.

විශ්‍රාමික රක්‍ෂණ වෘත්තිකයෙකු වූ කිචන්, නාට්‍ය රංග ශිල්පියෙකුද වන අතර, සඳුදා හීත්‍රෝ සිට රාත්‍රී 10 ට සිය බිරිය සමග ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා ගොස් ඇත්තේ සිංගප්පූරුව හරහා ඕස්ට්‍රෙලියාවට යාමේ අදහසිනි.

ඔහු සහ ඔහුගේ බිරිඳ ලින්ඩා ඕස්ට්‍රේලියාවට යන අතරමගදී නතර වීමටද නියමිතව තිබූ අතර එහිදී ඔවුන් සති හයක නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා විය.
දෙදරු පියෙකු වූ මියගිය ජෙෆ්රි කිචන්ට පුතෙකු හා දුවක සිටි බව කියැවේ.

ඔහු වාසය කළ ප්‍රදේශයේ අසල්වැසියෙකු වන ජිල් ඩිමන්ඩ් ගාර්ඩියන් පුවත්පතට පැවසුවේ “ඔහු ඉතා ආදරණීය මිනිසෙක්. ඔහු දක්ෂ, හාස්‍යජනක, අපූරු රංගන ශිල්පියෙක්, රංග කලාව ගැන ගැඹුරින් හැදෑරීම ඔහුගේ ආශාව විය. ” යනුවෙනි.

ගුවන් යානය කැළඹුන අවස්ථාවේ ඔහු අතිශය කලබලයට පත්වූ බව අසළ මගීන් කියා තිබේ. පසුව සිහිසුන්වූ බවත් එම අවස්ථාවේ ඔහුට හෘදයාබාධය වැ‍ළ‍ෙඳන්නට ඇති බවත් විශ්වාස කරයි.



යානයේ කැපීම් සමග විවිධ තෙරපීම් සිදුවෙමින් අවුල් සහගතවූ අවස්ථාවේ 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයාට මරණය සිදුවන අතර එම අවස්ථාවේ තුවාලද වාර්තා වී ඇති බව හෙළි විය.

 ඔහු අවුල් සහගතව හෘදයාබාධයකට ගොදුරු වූ බව කියනු ලැබේ. මගීන් සහ කාර්ය මණ්ඩලය CPR සමඟ ඔහුව පණ ගැන්වීමට උත්සාහ කළ නමුත් එය කළ නොහැකි විය.හදිසි ගොඩබෑම සිදු කළ  බැංකොක්හි 70 කට වැඩි පිරිසකට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වූ අතර පුද්ගලයින් හත් දෙනෙකු බරපතල තුවාල ලබා තිබුනි.
 මියගිය ජෙෆ්රි සමග ගමන් කළ බිරිය ලින්ඩා මේ වනවිට සිහි විකල තත්වයෙන් රෝහල් ගතව සිටින බවද වාර්තාවේ.
ගුවන් ගමන ආරම්භ වී පැය 10කට පමණ පසු මියන්මාරයේ ඉරවඩ්ඩි ද්‍රෝණියේ හදිසි කැළඹීමක් හටගත් බව ගුවන් සමාගම පවසයි.
සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධානී Goh Choon Phong, බදාදා උදෑසන සමාව අයැද සිටියේ, ගුවන් සමාගම "කම්පන සහගත අත්දැකීම ගැන ඉතා කණගාටු වන" බව පවසමිනි.

වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ගුවන් සමාගම "සිදුවීම ගැන පරීක්ෂණ සඳහා බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන" බවයි.

විපතට පත් පුද්ගලයාගේ පවුලේ අයට සිය ශෝකය ප්‍රකාශ කළ ඔහු, විපතට පත් මගීන්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට “හැකි සෑම සහයක්ම ලබා දෙන” බව පැවසීය.

සිංගප්පූරු ගුවන් සේවය සම්බන්ධ අනතුරු දුර්ලභ වන අතර, ගුවන්යානය ලෝකයේ ආරක්ෂිතම ඒවා අතරට නිරන්තරයෙන් ශ්‍රේණිගත කර තිබේ.

අවසන් මාරක අනතුර සිදුවූයේ 2000 වසරේදී තායිවාන ගුවන් තොටුපළකදී වැරදි ධාවන පථයකින් ගුවන්ගත වීමට උත්සාහ කිරීමේදී බෝයිං 747 යානයක් කඩා වැටීමෙනි.