Former-Police-Sergeant-Gutika-is-in-the-hospital-for-doing-hired-work-while-wearing-a-police-T-shirt

පොලිස් ක්‍රීඩා ඇඳු­මක් ඇඳ සිටියා යැයි වැඩ තහ­න­මට ලක්ව සිටින පොලිස් සැර­ය­න්ව­ර­යකු කොහු­වල පොලි­සිය වෙත රැගෙන ගොස් අමා­නු­ෂික ලෙස පහර දි ඇත. පහ­ර­කෑ­මට ලක්වූ සැර­ය­න්ව­රයා වසර 17ක් පොලිස් සේවයේ සිටි අයකු බවද වාර්තාවේ.

එලෙස පහර කෑ පොලිස් සැර­ය­න්ව­රයා මේ වන විට කළු­බෝ­විල ශික්ෂණ රෝහලේ අංක 25 වාට්ටුවේ ප්‍රති­කාර ලබ­මින් සිටි.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පොලිස් ගරා­ජ­යට අනු­යු­ක්තව සේවය කළ ගාල්ල අඟු­ලු­ගහ කහද ප්‍රදේ­ශයේ පදිංචි එස්. ඩී. එම්. ඩයස් මහ­තායි. 39 හැවි­රිදි ඔහු දෙදරු පියකි

වැඩ තහ­න­මට ලක්වී­මෙන් අන­තු­රුව ගොඩ­නැ­ඟිලි ඉදි­කි­රීම් කොන්ත්‍රාත් කට­යුතු සිදු­ක­රන මිතු­රෙකු යටතේ සේවය කර බිරිඳ සහ දරු දෙදෙ­නාව පෝෂ­ණය කර­මින් කට­යුතු කළ හිටපු සැර­ය­න්ව­රයා ඉකුත් 14 වෙනි දින කොන්ත්‍රා­ත්කරු සහ ඔහු යටතේ සේවය කරන තවත් පුද්ග­ල­යන් දෙදෙ­නෙකු සමඟ කොට­හේන ප්‍රදේ­ශයේ නිව­සක ඉදි­කි­රීම් කට­යු­ත්ත­කට සහ­භාගී වී රෑ බෝවන තෙක් වැඩ කර 15 වෙනි දින අලු­යම් කාලයේ දෙහි­වල නවා­තැ­න්පො­ළට යාම සඳහා කොන්ත්‍රා­ත්ක­රුට අයත් ත්‍රිරෝද රථ­යෙන් පැමි­ණී­මේදී මේ පහ­ර­කෑ­මට ලක්ව ඇත.

එදින රාත්‍රී ආහා­රය නොගෙන සිටි බැවින් පිරිස කොහු­වල නග­රයේ රාත්‍රී ආප­න­ශා­ලා­වක් ඉදි­රි­පිට ත්‍රිරෝද රථය නවතා ඇත. එම ස්ථානයේ පොලිස් නිල ඇඳු­මින් සැරසී පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නෙකු සහ සිවිල් ඇඳු­මින් සැර­සුණු පොලිස් නිල­ධා­රීන් කිහි­ප­දෙ­නකු තේ සහ දුම් පානය කර­මින් සිට ඇත. තමා ඇතුළු පිරිස ආප­න­ශා­ලාව තුළට යාමේදී ‘කොහෙන්ද ඔය ටී ෂර්ට් එක’ යැයි කියා පොලිස් නිල­ධා­රීන් ඇසූ බව ඔහු කියයි.

අන­තු­රුව සිදුවූ දෙය ඔහු­ගේම වච­න­ව­ලින් මෙසේය.



“මම එත­කොට මගේ විස්තර කියලා කිව්වා මම රාජ­කාරි කර­න­කොට මිලදී ගත්ත එකක් කියලා. ඊට පස්සේ මට ඒගො­ල්ලන් කිව්වා යන්න කියලා. මම පස්සේ අනිත් කට්ටි­යත් එක්ක ආප­න­ශා­ලාව තුළට ගියා. පස්සේ අපි කෑම කන්න හද­න­කොට මට ආයි එයා­ලගේ ත්‍රීවීල් එක ගාවට එන්න කිව්වා. මාව කොහු­වල පොලි­සිය පිටු­ප­සට එක්ක­ගෙන ගියා. මගේ ටී ෂර්ට් එක ගල­වලා ඒ කට්ටිය මට හොඳ­ටම ගැහුවා. ඊට පස්සේ බිම දිගේ ඇද­ගෙන ගිහිල්ලා කූඩු­වට දැම්මා, ඒකෙ­දිත් මට ගැහුවා මට කලන්තේ වගේ ආවා.මම වතුර ඉල්ලු­වත් ඒගොල්ලෝ වතුර දුන්නේ නෑ. කූඩුවේ ඉන්න එක්කෙ­නෙක් තමයි පොලි­සි­යට හොරෙන් මට වතුර දුන්නේ.උදේ හයට විතර මට හරි අමා­රුයි මම බොහොම අමා­රු­වෙන් කිව්වා මට ගෙද­රට මේ ගැන කියන්න මගේ ෆෝන් එක දෙන්න කියලා. ඒවෙ­ලාවේ මට පහර දෙන්න මූලි­කව කට­යුතු කළ පොලිස් කොස්තා­පල් (74163) චාමර නිල­ධා­රියා සහ රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා කූඩුව ඇතු­ළට ඇවිල්ලා මට සපත්තු දාපු පයි­නුයි, අති­නුයි ආයි පහර දුන්නා. මම කිව්වා මාව ඉස්පි­රි­තා­ලෙට අරන් යන්න මට අමා­රුයි කියලා. ඒත් ගණන් ගත්තේ නෑ. පස්සේ මගේ යාළුවා ගිහිල්ල ඕ.අයි.සි මහ­ත්ත­යට කතා කරලා තමයි මාව එළි­යට ගත්තේ. සැක­පිට අත්අ­ඩං­ගු­වට ගන්න මාව කිසිම හේතු­වක් නෑ. දැන් මට කුලී වැඩ­ක්වත් කර­ගන්න අමා­රුයි.

මගේ කටි­නුත් ලේ ආවා. පිටේ තුවාල. ඇවි­දි­න්නත් අමා­රුයි. ඒ නිසයි මම රෝහල් ගත වුණේ. මේ ක්‍රීඩා ඇඳුම් වෙළ­ඳ­පොළේ ඕන තරම් තිය­නවා විකු­ණන්න. මම මේ ඇඳුම ඇන්දා කියල මට ගැහුවේ ඇයිද කියලා මටම හිතා­ගන්න බෑ”

පොලි­සියේ පහ­ර­දී­මෙන් රෝහ­ල්ගත වූ හිටපු සැර­ය­න්ව­රයා අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රී­ව­ර­යෙකු වෙතද ඉදි­රි­පත් කළ බව රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය.

මේ සම්බ­න්ධ­යෙන් කොන්ත්‍රා­ත්කරු වන වරුණ නිශාන්ත ගුණ­ති­ලක මහතා මෙසේ පැව­සීය.

“ගහන්න එපා මහ­ත්තයෝ රස්සා­වක් නැති හින්දයි මම මේ කුලී වැඩ කරන්න ආවෙ කියලා ඩයස් කෑ ගැහුවා. ඒත් ඒගො­ල්ලන් ඉතා­මත් අමා­නු­ෂික විදි­යට ඩයස්ට ගැහුවා”

‘මට ළමයි දෙන්නෙක් ඉන්නවා මහ­ත්තයෝ කිය­ද්දිත් කොහො­මද උඹ මේ ටිෂර්ට් ඇඳ­ගෙන කුලී වැඩ කරන්නේ කියලා සත්තු වගේ ගැහුවේ’

ඔහු සමඟ එකට වැඩ කිරී­මට ගිය වයි. එච්. ප්‍රියන්ත මහතා මෙසේ පැව­සීය.

උඹ පොලි­සිය ටී ෂර්ට් ඇඳ­ගෙන කොන්ක්‍රීට් අනන්න යන­වද යමං කියලා ඇදලා ත්‍රීවීල් එකට දාගත්තා. ඒක ගල­වලා බිම දාගෙන ඇද­ගෙන ගිහිල්ලා තමයි ගැහුවේ අපි බලා­ගෙන හිටියා.