නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවීන් විසින් ඇතිකරනු ලබන එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් සරම්ප රෝගය පැතිර යාමක් දක්නට ලැබෙන බව වර්තා වේ.
මේ හේතුවෙන් සතුන් කිහිපදෙනකු මේ වන විට මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල ප්‍රදේශය භාර රජයේ පශු වෛද්‍ය නිලධාරි සුරේෂ් කුමාර් පවසා සිටියේය.
දේශීය කිරි කර්මාන්තයේ දියර කිරි නිෂ්පාදනයට විශාල දායකත්වයක් සපයන නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවියන් විසින් ඇති කරනු ලබන එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් සරම්ප(සමේ ගැටිති රෝගය) පැතිර යාම හේතුවෙන් සතුන් කිහිපදෙනෙකු මේ වන විට මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල ප්‍රදේශය භාර රජයේ පශු වෛද්‍ය නිලධාර් සුරේෂ් කුමාර් මහතා පැවසීය.
දේශීය කිරි කර්මාන්තයට මධ්‍යම පළාතින් 33%ක පමණ දියර කිරි නිෂ්පාදන දායකත්වයක් ලබා දෙන බවත් ඉන් 12%ක් පමණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලබා දෙන බවත් පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් සතුන් මියයාම නිසා සරම්ප රෝගය වැලඳුණු එළදෙනුන් ගොවින් විසින් ගව මස් අලෙවි සල්වලට අළෙවි කරන බවත් එම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දෛනික කිරි නිෂ්පාදනය පහළ බැස ඇති බවත් පශු වෛද්‍යවරයා කියා සිටියි.
තවද
එළදෙනුන් අතර පැතිර යන සරම්ප රෝගය පාලනය කිරීම සඳහා එන්නතක් ලබා දිය යුතුව
ඇතත් එම එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශ සංචිතය තුළ නොමැති නිසා පැතිර යන රෝගය
පාලනය කිර්මට නොහැකි වී ඇති බවත්
පශු වෛද්‍ය සුරේෂ් කුමාර් මහතා පවසයි.මේ සම්බන්ධව නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් කළ විමසීමකදී සඳහන් කර සිටියේ රෝගය වැලඳුන එළදෙනුන්ගේ මස් අනුභවයෙන් මිනිසුන්ටද යම් බලපෑමක් ඇතිවීමේ අවදානමක් පවතින බවය. නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ප්‍රිෂියන්, ජර්සි, ප්‍රිෂියන් ජර්සි දෙමුහුම් එළදෙනුන් ගොවීන් විසින් බහුල වශයෙන් ඇති කරනු ලබයි.
0 Comments